Apr
28
ඊයේ දිනයේ මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයන් 65 දෙනාගෙන් 61 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
සෙසු ආසාදිතයන් සිව්දෙනා නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රදේශයෙන් දෙදෙනෙක්, කොළඹ 7 ටොරින්ටන් 60 වත්ත ප්‍රදේශයෙන් ප්‍රදේශයෙන් එක් අයෙක්, හැවුලොක් පෙදෙසින් අයෙක් ලෙස සොයාගෙන තිබේ.
නාරාහේන්පිට් දාබරේ මාවත මේ වන විටත් හුදෙකලා ප්රාදේශයක් කිරීමට බලධාරීන් විසින් කටයුතු කර ඇත.
මීට පෙර දාබරේ මාවත ප්‍රදේශයෙන් මාලදිවයින පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙක් වීම නිසා ඔහුගේ ආශ්‍රිතයන් ලෙස මෙම පුද්ගලයන් දෙදෙනා හඳුනා ගත් බවද ජාසිංහ මහතා පැවසීය.
ටොරින්ටන් ප්‍රදේශයෙන් වාර්තා වූ පුද්ගලයා කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ සිට පැමිණි එම වත්තේ රැඳී සිට ඇති බවද ඔහු සඳහන් කළේය.