Apr 28

කොරෝනා නීති අනුව බෑ - පුද්ගලික බස් ධාවනයෙන් ඉවත් වේ


කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පෞද්ගලික බස් රථ වල මගින් ප්‍රවාහනය කිරිමට ලබා දි ඇති නිර්නායක හමුවේ හැටන් පෞද්ගලික  බස් රථ හිමියන්ගේ සංගමය (28) දින සිට බස් රථ ධාවන කටයුතු වලින් තාවකාලිකව ඉවත් වන බව එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේදි බස් රථ හිමියන් සහ මධ්‍යම පලාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය කාර්යයාලය යටතේ පාලනය වන හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ ස්ථානභාර නිලධාරින් සහ වේලා සටහන්කරුවන් අතර (27) දින පැවති සාකච්ඡාවකින් අනතුරව මාධ්‍යයට අදහස් පල කරමින් එස්.කේ.ජයසුරිය මහතා මේ බැව් පැවසිය.

හැටන් පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් බස් රථ සංගමයේ නිලධාරින්ව කැදවා පෞද්ගලික බස් රථ ධාවනය කල යුතු නිර්නායක සහ බස් රථයක මගින් 21 දෙනෙකු පමණක් ප්‍රවාහනය කරන ලෙස දැනුවත් කල බවත්,එම නිර්නායක වලට පටහැනිව ක්‍රියා කලහොත් ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවට සහකාර පොලිස් අධිකාරිවරයා විසින් කල ප්‍රකාශයත් සමග තමන් මෙම තිරණය ගත් බවයි හැටන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.

එම නිර්නායකවලට අනුකුලව තම සංගමයේ කිසියම් සමාජිකයෙකුට බස් රථ ධාවනය කිරිමට හැකියාවක් තිබේනම් එම බස් රථ හිමියන්ට බස් රථ ධාවනය කරවන ලෙසද එස්.කේ.ජයසුරිය මහතා ඉල්ලා සිටියි.

එම සංගමයේ උප සභාපති එම්.උදයකුමාර් මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සමග පසුගිය දින කිහිපය තුල සෞඛ්‍යය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිර්නායක වලට පටහැනිව බස් රථ වල මගින්ව නංවාගෙන යාමේදි හැටන් පොලිසියේ නිලධාරින් බස් රථ නතර කර පරික්ෂා කර බස් රථ හිමියන්ට දැඩිලෙස අවවාද කල බවයි.

මගින් 21 දෙනෙකු නංවාගෙන බස් රථයක් ධාවනය කිරිමේදි විශාල පාඩුවක් සිදු වන බවත්, රියදුරු සහ කොන්දොස්තරවරයාගේ වැටුප් , බස් රථයේ ඉන්ධන වියදම පවා එවැනි මගින් ප්‍රමාණයක් නංවාගෙන යාමෙන් අදායමක් නොලැබෙන බවයි.

බස් රථ වල මගින් 21 දෙනෙකු නංවාගෙන ධාවනය කිරිමට නම් දැනට මගින්ගෙන් ගමනාන්තය දක්වා අය කරන මුදල දෙගුණ කර අය කිරිමට හෝ ඩිසල් සහනාධාරයක් පෞද්ගලික බස් රථ හිමියන්ට ලබාදෙන්නේ නම් අදාල නිර්නායක යටතේ පෞද්ගලික බස් රථ ධාවනය කිරිමට හැකි බවයි.

රජය විසින් පෞද්ගලික බස් රථ වල සහ ලංගම බස් රථවල මගින් නංවාගෙන යාමට ඉදිරිපත් කර ඇති නිර්නායක වැදගත් බවත්, එම නිර්නායක යටතේ පෞද්ගලික බස් රථ ධාවනය කලහොත් එම කර්මාන්තය සම්පුර්ණයෙන්ම කඩා වැටිමේ අවදානමකට ලක් විය හැකි බවද එම සංගමයේ උප සභාපතිවරයා අවධාරණය කර සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ           
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.