Dec
04
ජයන්තගේ අණින් මිදුණු විශ්වය
අංගම් පොර ගැන අද නොදන්නේ කවුද? ඒත් අංගම් පොර කියල දෙයක් ගැන ලංකාවටම හා හපුරා කියල කියා දුන්නෙ ජයන්ත චන්ද්‍රසිරි. එයා අංගම් පොර ගැන කවුරුත් මවිතයට පත් කරන ලස්සන කතාවක් ලංකාවට කිව්ව. ඒ ඔහුගෙ 'දඬුබස්නාමානය' ටෙලි නාට්‍යයෙන්. අදත් ජයන්ත චන්ද්‍රසිරිත්, දඬුබස්නාමානයත්, අංගම් පොරත් අපේ ජාතික ලකුණු වගේ.
ජයන්ත හදපු 'වෙදහාමිනේ' අපේ සිංහල වෙදකම ගැන පුදුම අනාවරණයක් කරපු ටෙලි නාට්‍යයක්. අකාලේ මිය ගිය රෙබෙකා නිර්මලී මිනිසුන්ගෙ හදවත් අතරේ කොතරම් ජීවත් වුණාද කීවොත් එයාට මිනිස්සු කිව්වෙ වෙදහාමිනේ කියල. ඒකෙ රඟපාපු කමල් අද්දරාඅරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනි වගේ නළුවන්ගෙන් ජයන්ත පුදුම රඟපෑමක් සූරගෙන තිබුණා. 'වෙදහාමිනේ' ගැන කියන කොට කේමදාස ශූරීන්ගේ සංගීතය ගැන මතක් නොකළොත් අඩුවක්.
ජයන්ත ඊළඟට හදපු 'වෙස්මුහුණ' (මේක ඒ කාලෙ ප්‍රචාරය වුණේ MTV චැනලයේ නිසා හුඟක් අය මේ ටෙලි නාට්‍යය දැකල නැහැ මගෙ හිතේ) මුල් වරට මාරයාගේ චරිතය තිරයට ගෙන ආ අවස්ථාව විදිහට විචාරකයෝ කියනවා. ජීවිතය සහ මරණය පිළිබඳව ජයන්ත ඒකෙ ගෙනෙන්නෙ හරිම ගැඹුරු සංකල්පනාවක්. ඒක හදන්න එයාට 'තිබ්බත මළපොත' වගේ කියැවීම් බලපාන්න ඇති කියලත් මට හිතෙනවා.
එයා හදපු පුදුමාකාර ටෙලි නාට්‍යය තමයි 'අකාල සන්ධ්‍යා'. කාලය හරහා ගමන් කිරීම යන සංකල්පය පුදුමාකාර ලෙසට නිර්මාණශීලීව අරගෙන තමන්ට අතීතයේදී තමන්වම හමුවන හැටි ඔහු නිර්මාණය කරන්නෙ ඇන්තනි රූසෝ, ජෝ රූසෝ ඩබල 'avengers endgame' වගේ චිත්‍රපටයක් හදන්න හිතලවත් නැති කාලෙ. අකාල සන්ධ්‍යා ජයන්තගෙ පට්ටම concept එකක්. ඒකෙ නාගසිංහ (ජැක්සන්) කාලය හරහා ගමන් කරන්නේ ඉන්දියානු යෝග දර්ශනයේ එන කුණ්ඩලීනී ශක්තිය උපයෝගී කරගෙන.
ජයන්ත ඊළඟට හදන 'රැජන' තමා ඒලියන්ස්ලා ගැන ලංකාවෙ හැදුණු ප්‍රථම ටෙලි නාට්‍යය. මේක 2000 වසරේ උදා වූ නව සියවසේ ආරම්භයේදීම පෙන්වන්නේ ජාතික රූපවාහිනියෙන්. මේ ටෙලි නාට්‍යය එක්ක තමයි අනුරාධපුර රන්මසු උයනේ තාමත් තිබෙන 'star gate' එක ගැන රටේ අලුත් කතිකාවක් ඇතිවන්නේ.
පිටසක්වල ජීවීන් , මනුෂ්‍ය ජීවිත එක්ක කරන ගනුදෙනුව ,බුදු දහමේ පරම සත්‍යය ආදී කරුණු පුදුම විදිහට නිර්මාණශීලීව සාකච්ඡා කළ මේ ටෙලි නාට්‍යයත් ඔබට මතක ඇති.
ඊළඟට ඔහු කරන්නේ 'සතර දෙනෙක් සෙන්පතියෝ ' කියන ටෙලි නාට්‍යය. ඒකෙන් කතා වෙන්නේ ආත්ම ගණනාවක් පුරා ප්‍රැක්ටිස් කරපු හීලිං පවර් එකකින් ලෙඩ සනීප කරන හතර දෙනෙක් ගැන. එක්කෙනෙක් හිත දියුණු කළ උත්තමයෙක්. එක්කෙනෙක් ගණිකාවක්, තව කෙනෙක් හොරෙක්, තව කෙනෙක් මිනීමරුවෙක්. ජයන්ත මේකෙන් මනුෂ්‍යත්වය ගැන කතා කරන්නෙ හරි අමුතු ප්‍රවේශයකින්.
ඔහුගේ පළමු චිත්‍රපටය තමයි 'අග්නිදාහය'. ඒක ඉතිහාස කතාවක්.හැබැයි, ජයන්ත ඒක හදන්නෙ ඔය ඉතිහාස රැල්ලට හුඟාක් කලින්. ඒකෙන් කියවෙන්නේ දෙවෙනි රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ අඹන්වෙල රාළ නිලමේ රජ්ජුරුවන්ට විරුද්ධව ගහපු කැරැල්ල ගැන. ඒ වගේම ඒ කැරැල්ල පසුබිමේ ජීවත් වෙච්ච උඩරට මිනිසුන්ගේජීවිත විපර්‍යාසය ගැන.
ඔහුගේ ඊළඟ චිත්‍රපටය තමා 'ගරිල්ලා මාර්කටිං'. දේශපාලකයන් බලයට ගේන්න විවිධ මිනිස්සු කරන අසම්ප්‍රදායික ප්‍රචාරක ව්‍යාපාර ගැන තමා ඒකෙන් කියැවෙන්නෙ. හොරෙන් කරන සෝෂල් මාර්කටිං මඩ ගැසීම සහ පිම්බීම අරමුණු කරගත් කටකතා හමුදාවක් තැනීම වගේ කරුණු මුල්වරට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ජයන්ත බය නැතිව අනාවරණය කරන්නේ මේ චිත්‍රපටයෙන්. ඔහු කලින්ම මේකෙදි කියූ දේවල් පස්සෙ කාලෙදි රටේ ඇත්තටම වුණා. මං හිතන්නෙ ඔහු මෙතෙක් කළ දේශපාලනමය චිත්‍රපටය තමා ඒක.
ජයන්ත ඊළඟට හදන්නේ 'සමනල සංධ්වනිය'. ඒක පුදුම ආදර කතාවක් බව අපි කවුරුත් දන්නවා.යශෝධා, උද්දික එක්ව මැවූ 'මට මගේ නොවන ආදරේ' ගැන ප්‍රේක්ෂකයෝ තවමත් කතා කරනවා.
ජයන්ත ඊළඟට හදන්නේ මහා වීර කාව්‍යයක්. ඒ තමා 'මහරජ ගැමුණු ' චිත්‍රපටය. දුටුගැමුණු රජතුමාගේ චරිතය අපේ රටේ මිනිසුන්ගේ ජීවිතවලට කොයිතරම් අදාළද කියන එක හරිම ශූර විදිහට ඔහු මේ චිත්‍රපටයෙන් පෙන්වනවා.
ජයන්ත චන්ද්‍රසිරිගේ ඊළඟ නිර්මාණය වූයේ 'ඝරසරප'. ජනශෘතියත්, ප්‍රබන්ධයත්, යථාර්ථයත් සංකලනය කරමින් ඔහු කළ මේ නිර්මාණය ඉතාම සොඳුරු නිර්මාණයක් විදිහට ප්‍රේක්ෂක ජනතාව පිළිගත්තා. පසුගිය කාලයේ චිත්‍රපට අතර එය වාණිජ වශයෙනුත් ඉතාම සාර්ථක නිර්මාණයක් වුණා
ඔන්න දැන් තමයි මට කියන්න ඕනැ කතාවට මම එන්නෙ. ඒ තමා ජයන්ත චන්ද්‍රසිරිගෙ අලුත්ම චිත්‍රපටය මොකද්ද කියන එක.ඒකෙ නම 'මිදුණු විශ්වය '. (frozen cosmos) මේකෙදි විශේෂයෙන් කියන්න ඕනෙ මේ චිත්‍රපටයත් නිෂ්පාදනය කරන්නෙ ජයන්තගෙ සමනල සංධ්වනිය නිෂ්පාදනය කරපු රුවන් ජයසිංහමයි. සුපුරුදු විදිහට ජයන්තගේම කතාවක් වන මෙයත් හරිම අමුතු එකක්.
අපි ලෝකයේ විවිධ විෂයයන් අලලා නිපැයුණු විවිධ චිත්‍රපට බලලා තියනවනේ. සටන් ගැන චිත්‍රපටි, නැටුම් ගැන චිත්‍රපටි, සංගීතය ගැන චිත්‍රපටි ආදී වශයෙන්. ඒත් මිදුණු විශ්වය කියන්නේ ඒ සේරටම වඩා වෙනස්ම විෂයයක් මාතෘකා කරගත් චිත්‍රපටයක්. මෙහි වස්තු විෂය වෙන්නේ රංගනයයි. (රංගනය කියන්නේමත් මහ බරපතල විෂයයක් කියල තේරෙන්නෙ මිදුණු විශ්වය බැලුවාමයි.)
මේ අප ජීවත් වන යුගයේ රඟපෑම විෂයයක් වශයෙන් උගන්වන තරුණ ගුරුවරයෙකු අතර සහ 60 දශකයේ ජීවත් වූ ජනප්‍රිය නිළියක අතර සිදුවන අකාල ප්‍රේමයක් ගැන තමා මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ. අප දන්නා යථාර්ථයට අනුව නම් මේ නිළිය විසින් පෙම් කරන තරුණ ගුරුවරයා ඇයගේ කාලයට සාපේක්ෂව තවම ඉපදිලාවත් නැහැ. නමුත් එක්තරා කාල හැකිලීමේ සිදුවීමකට අනුව (time dilation ) ඔවුන් වර්තමානයේ සිට අතීතයටත් අතීතයේ සිට වර්තමානයටත් තම තමන්ගේ සිතිවිලි මගින් සන්නිවේදනයේ යෙදෙනවා. ඉතින් මේ සිතිවිලි සමග ජයන්ත අපව රැගෙන යනවා ශ්‍රී ලංකාවේ 1960 දශකයට, එහි ජන ජීවිතයට, සිනමා කර්මාන්තයට, දේශපාලනයට. ඒ සමගම ඔහු නැවත් අපව රැගෙන එනවා වර්තමානයට. මේ දෝලනය අතරේ ඔහු නිර්මාණය කරන විශිෂ්ට රූපාවලිය සිංහල සිනමාව තුළ සදා නොමැකෙන සටහනක් තබාවි කියලයි මට හිතෙන්නෙ. අනෙක රූපණය කියන විෂය තීව්‍රතර මානසික විද්‍යාවක් වශයෙන් භාවිතා කරමින් ඔහු මේ සිදුකර ඇති නිර්මාණය පට්ට වැඩක් කියල බය නැතුව කියන්න පුළුවන්.