Jul
06
යොවුන් නියෝජ්‍ය අගමැති නිවසේ මිෂෙල් ගේ අවසන් කටයුතු සිදුවූ හැටි
ඊයේ පස්වරුවේ ගනේමුල්ල, පහළයාගොඩ අංක 37/Aදරණ නිවසේ සුවිශේෂ අවමඟුලක් පැවැත්වුණි. ඒ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ අංශ කිහිපයක නියුතු හා ඉදිකිරීම් ආයතනයක අධ්‍යක්ෂවරයකු වන ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මලිත් සුදුසිංහ මහතාගේ නිවසේය.
මිනිස් අවමඟුලක් නොවුවද එය මිනිස් අවමඟුලකට නොදෙවෙනි ලෙස ගරු ගාම්භීර ලෙසින් හා චාම් ලෙසින් සංවිධානය කොට තිබුණි. එම නිවසේ ආලින්දයේ තැන්පත් කොට තිබූ හුරුබුහුටි කුඩා මිනී පෙට්ටියක සුදු පිරුවටයකින් වසා තිබූ එම දේහය වසර හයහමාරක් වයසැති ‘මිෂෙල්’ නම් සුනඛ ධේනුවගේය.
මිනිසාගේ සමීපතම මිතුරා වන සුනඛයාට වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ බොහොමයකගෙන් ‘බලු සැලකිලි’ අත්වුවද සත්ව හිමිකම්, අයිතිවාසිකම් සහ සුභසාධනය පිළිබඳව විශේෂ උනන්දුවක් පළ කරන දියුණු බටහිර ජාතීහු සුනඛයන් තුළ පවත්නා මිනිසුන් තුළ පවා නොමැති උතුම් ගතිගුණ වෙන්ව හඳුනාගැනීමට සමත්ව සිටිති. මිනිසා සුනඛයාට දක්වන ආදරය මෙන් දහස් ගුණයක ආදරයක් සුනඛයා මිනිසාට දක්වන බව සත්ව චර්යාවන් සම්බන්ධ විශේෂඥයන් විසින් තහවුරු කරගෙන තිබේ.
මේ තරුණ ව්‍යාපාරික ප්‍රජා නායකයා තම සුනඛ සුරතලිය වන ‘මිෂෙල්’ උදෙසා මෙවන් ගෞරවනීය අවමඟුලක් සංවිධානය කරනුයේ ඒ දියුණු මානසිකත්වය මුල් කර ගනිමිනි.
‘මිෂෙල්’ සම්බන්ධයෙන් මලිත් තම මතකය අවදිකරනුයේ මෙලෙසිනි.
“මිෂෙල්ව ගෙනාවේ මම; ඒ ලෙවල් කරන කාලේ. එතකොට මිෂෙල්ට වයස මාස 2 යි. හැමදාම මගේ කාමරේ මගේ ඇඳ ළඟ තමයි ඉන්නේ. මනුස්සයෙක්ගෙ වගේ ගති පැවතුම් තිබුණේ මිෂෙල්ට. අවුරුදු 7 ලබන්නේ මේ නොවැම්බර් 20 ට.
ඒත් එකපාරටම මිෂෙල් කිසිම කෑමක් කන්නේ නැති වුණා. බ්ලඩ් ටෙස්ට් කරලා බලද්දි කිඩ්නි දෙකම නරක් වෙලා. ඒකට කිසිම බෙහෙතක් නෑ. දවස් තුනක් විතර විඳෙව්වා , වමනේ දැම්මා. මම මගේ අත් දෙකෙන්මයි කැත කුණු හැමදේම අයින් කළේ. කවදාවත් මිෂෙල්ව දම්වැල් දාලා හැදුවේ නෑ. එයා නිදහසේමයි හිටියේ. කුඩු කළේ නෑ. ජීවත් වෙලා ඉද්දිත් ලෙඩ උනාට පස්සෙත් මිෂෙල්ට මනුස්සයෙක්ට වගේම අපි සැලකුවා. අවසන් කටයුතුත් ඒ ආකාරයටම කළා.
මිෂෙල් අපිව දාලා ගිය එක ඉවසගන්න පුලුවන් දුකක් නෙවෙයි. ඒත් එයා ගොඩක් වාසනාවන්ත ජීවිතයක් ගතකළා. මගේ එකම පැතුම මිෂෙල් මගේ දරුවෙක් වෙලා මගේ ළඟට එන්න කියන එකයි.”
එම අවමඟුලේ මතකවස්ත්‍ර පූජාව සඳහා වැඩම කරන ලද්දේ කැලණි විශ්වවිද්‍යාලීය පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමිපාණන්ය.
එහිදී අනුශාසනාවක් පැවැත්වු උන්වහන්සේ මෙසේ කීහ.
සුනඛයා සහ මිනිසා අතරේ තියෙන සමීපත්වය මිනිස් ශිෂ්ටාචාරයටත් වඩා අතීතයට දිව යන්නක්. ඒ සම්බන්ධය කවදාවක්වත් පළුලු වන දෙයක් නොවේ. අප මිනිසුන් උසස් යැයි කීවද බොහෝ මිනිසුන් තුළ පවා නැති උතුම් ගති ගුණ සුනඛයන් කෙරෙන් අපි දකිනවා. ඒ ගුණාංග නිසි ඇගයුමට ලක් කිරීම උතුම් මිනිසත් බවේ ලක්ෂණයක්. මිනිසුන්ගෙන් ලැබෙන ඉතා සුළු දෙයක් සඳහා වුවත් උපරිම කෘතවේදීත්වයක් දැක්වීම මිනිසුන් ගෙන් නොදකින උතුම් සුනඛ ගුණයක්. ඒ වගේම කිසිම සුනඛයෙකු කන්න දීපු අත හපා කෑ අවස්ථාවක් ලෝක ඉතිහාසයේ කොතනකවත් නෑ. උදෑසනම නිවසින් පිටවෙන හාම්පුතා සවස නිවසට පැමිණෙන විට සුනඛ සුරතලා තුළ ඇති වන සතුට අපට රටක් රාජ්‍යයක් ලැබීමෙන් අත්වන සතුටට සමානයි. සුනඛ ආදී සතුන් තුළ පවතින මේ වගේ ගුණ දම් අගය කිරීම තුළින් අපගේ මිනිසත් බව තවදුරටත් වර්ධනය කර ගැනීම දෙලොව යහපතට හේතු වන්නක්. ඒ නිසා මේ මතක වස්ත්‍ර පූජාවෙන් ලබන ආනිශංසය හේතුවෙන් මේ සුනඛ ධේනුවගේ භවගාමී ජීවිතයට සුගතියක් අත්වේවා කියා අප ධර්මානුකූලව ප්‍රාර්ථනාකරනවා.
ඊයේ පෙරවරු අළුයම 5.30 ට මිෂෙල් ගේ මරණය සිදුවූ අතර පෙරවරු 11.30 සිට පැය 5 ක කාලයක් ඇගේ දේහය නිවසේ ආලින්දයේ තැන්පත්කොට තබන ලදී. ඉන් අනතුරුව පස්වරු 4.30ට මතක වස්ත්‍ර පූජාව කිරීමෙන් පසු ඇගේ දේහය මෙම නිවසේ ගෙවත්තෙහිම භූමදාන කරන ලදී.
ඒ සම්බන්ධයෙන් මලිත්ගේ පේස්බුක් වෙබ් අඩවියේ මෙම පැදි පෙළ සඳහන්ව තිබුණි.
තාමත් හීනයක් - බෑ මට අදහන්න
මෙතුවක් ළඟින් හිදි බව්වෝ පවසන්න
එකටම ළඟින් හිටි මා අද හැරයන්න
හිතුවේ කෙලෙස දිගු නින්දක සැතපෙන්න
දෙමාසයයි පැටියෝ නුඹ ගෙට එද්දී
සත් වසරක් වත් නෑ නුඹ සමුගද්දි
අමාරුවෙන් කෙඳිරිලි හඩ නික්මෙද්දි
මා තනි වුණා මෙලෙසින් නුඹ මියයද්දි
මිනිසත් බවක් නොලැබූවත් උතුම් ගති
තිබුණා මිෂෙල් නුඹෙ ගුණ නම් නිමක් නැති
මියැදුණු නුඹේ රුව දැකුමින් දුකක් එති
සියලුම දෙනා අද කදුළින් පිරී ඇති
පවුලේ කෙනෙක් අද දිනයෙදි සමුගන්නේ
බුහුමන් තියා සුසුමින් නුඹ සිපගන්නේ
මා ළඟ කවුද දැන් තනියට ළඟ ඉන්නේ
මතු භව පැමිණ දරුවෙක් වී උපදින්නේ
ලෝකයේ දියුණු ජන සමාජයක් තුළ සත්ව හිමිකම්, අයිතිවාසිකම් සහ සුභසාධන කටයුතු පිළිබඳව සුවිසල් ඇඟයුමක් ලබා දෙන පසුබිමක වර්තමානයේ අපේ රටේ තත්ත්වය ඉතා දුක්ඛිත බව අමුතුවෙන් කිව යුතු නොවේ.
එහෙත් වත්මන් ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා තම සුනඛයා පිළිබඳව දක්වන මෙම සුවිශේෂ කෘතවේදිත්වය තුළින් අනාගතයේ අප රට තුළ ඇතිවිය හැකි දියුණු ප්‍රබුද්ධ දේශපාලනයක සහන් එළියක් මගේ මනස හමුවේද මැවී පෙනේ.
එහෙත් ඒ සමඟම මගේ සිත තුළ සියුම් සංවේගයක් ද හටගනී. ඊට හේතුව තව දශක කිහිපයකින් ශ්‍රී ලංකාව තුළ ඇතිවන එවන් ප්‍රබුද්ධ දේශපාලන සංස්කෘතියක සහන් සුවය විඳ ගැනීමට මගේ ආයුකාලය කෙසේවත් ප්‍රමාණවත් නොවීමය.
තිලක් සේනාසිංහ