Mar
23
අර්ජුන ඇලෝසියස් කල්කුඩාවේ හදන්නේ මත්පැන් නිෂ්පාදනාගාරයක්

වෙනත් කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව අඟවමින් එම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට සූදානම් වන්නේ මත්පැන් නිෂ්පාදනාගාරයක් බව ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ පෙන්වා දෙයි.
කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව හරහා සේවක අර්ථසාධක අරමුදලට පාඩු කළ රුපියල් කෝටි 1500ක් යොදවමින් ඒවා සුදු සල්ලි බවට පත්කර ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපාරවලට මුදල් අමාත්‍යාංශය අවසර දෙන්නේ කෙසේදැයි සමරසිංහ මහතා ප්‍රශ්න කරයි.
ඔහු චෝදනා කරන්නේ එදා මහ බැංකුව කොල්ලකෑමට ඉඩ දී ආණ්ඩුව නිහඬව සිටි ආකාරයෙන්ම තම ව්‍යාපාරවලට ඉදිරියේදීද ආරක්ෂාව ලබා දෙනු ඇතැයි අරජුන් මහේන්ද්‍රන් පවුල අපේක්ෂා කරමින් මෙලෙස කටයුතු කරන බවයි.