Feb
26
![]() |
රුවන්ගි හොරෙන්ම පෙම් කරනවා කියන්නේ ඇත්තද?
රන් සයුරට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් වෙනස් විදිහේ ලස්‌සන චිත්‍රපටියක් කියලා හැමෝම කියනවා.
කාලෙකට පස්‌සේ තමයි ඔබව දකින්න ලැබෙන්නේ?
සුදේශ අයියා එකක් වැඩ කරන එක මට අලුත් දෙයක් නෙමෙයි. ටෙලි නාට්‍ය ගණනාවකින් පස්‌සේ නැවත ඔහු සමග චිත්‍රපටයක වැඩ කරන්න ලැබීම ලොකු සතුටක්. අවුරුද්දක වගේ කාලෙකදී වැඩ ඔක්‌කෝම ඉවර කරලා මේ චිත්‍රපටය තිරගත කරන්නත් පුළුවන් වුණා.
අලුතෙන් නිර්මාණවලට ආරාධනා නැතිද?
ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා. ඒත් භාර ගත්තේ නෑ. මේ දිනවල රියෑලටි වැඩසටහනකට සමබන්ධ වෙලා ඉන්න නිසා. ඒත් දැන් ඒකේ වැඩ ඉවර වීගෙන යන නිසා නැවත ටෙලි හෝ චිත්‍රපට වැඩ භාරගන්න පුළුවන්.
රියෑලිටි මිනිස්‌සුන්ට එපා වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
නැහැ. රියෑලිටි මිනිස්‌සුන්ට එපා වෙන්නේ නැහැ. ඒක දවසින් දවස වෙනස් වෙන දෙයක්. ඒ වෙනස බලන්න මිනිස්‌සු කැමතියි.
රියෑලිටි වේදිකාවේ ඔබේ කණ්‌ඩායම සාර්ථකද?
අපිට කිරුළ හිමිවෙයිද කියලා කියන්න බැහැ. හැම කණ්‌ඩායමක්‌ම දක්‍ෂයි.
ඔබේ කණ්‌ඩායමේ නායකයත්වය කොහොමද?
අපේ ආර්යන්ස් කණ්‌ඩායමේ නායකයා ධනංජය. අපේ කණ්‌ඩායමේ සුදුසුම කෙනාට තමයි නායකකම හිමි වෙලා තියෙන්නේ. අපේ කණ්‌ඩායමේ තරුණ පිරිසක් ඉන්නේ. ඒ අතර අත්දැකීම් බහුලම කෙනා තමයි ධනංජය. ඔහු තමයි අපේ කණ්‌ඩායමේ නායකත්වයට සුදුසුම කෙනා.
කණ්‌ඩායම ඇතුළේ ප්‍රශ්න නැද්ද?
කණ්‌ඩායමක් විදිහට වැඩ කරද්දි ප්‍රශ්න ඇති වෙනවා. ඒවා පෞද්ගලික දේවල් නෙමෙයි. කණ්‌ඩායමක් ඇතුලේ වැඩකරද්දී අදහස් විවිධයි. ඒ විවිධ බව තමයි කණ්‌ඩායමකට වෙන් කරලා මෙහෙම තරග පවත්වන්නත් හේතුව. මේ කණ්‌ඩායම ඇතුලේ නළුනිළියෝ ගායකයෝ වගේ හැමෝම ඉන්නවා. අදහස් විවිධයි. ඒ නිසා එක එක හිත් අමනාපකම් ඇතිවෙන්න පුලුවන් ඒ වෙලාවට. නමුත් ඒවා ඒ වැඩේදි විතරයි. එතනින් එහාට ඒවා නැහැ.
රියෑලිටි නිසා කොච්චර කාලයක් ටෙලිනාට්‍ය වලින් ඉවත් වෙලා හිටියද?
අවසාන වතාවට ටෙලිනාට්‍යයක් කළේ මීට මාස තුනකට විතර කලින්.
රියෑලිටි වේදිකාවේ ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හිරු මෙගාස්‌ටාර් කියන්නේ ගොඩාක් අය බලන වැඩ සටහනක්. පිටරට අය පවා නරඹනවා. ගොඩක් අය කතාකරලා සුබ පැතුවා.
ආර්යන්ස්‌ලට ලොකුම අභියෝගය මොන කණ්‌ඩායමද?
අනෙක් කණ්‌ඩායම් හතරම අපිට අභියෝගයක් තමයි. ඕනෑම කණ්‌ඩායමකට ඕනෑම කණ්‌ඩායමක් අභියෝගයක්.
අවසාන වටයේදි ඔබේ කණ්‌ඩායමට වෙනසක් කරන්න හැකි වෙයිද?
ඔව්. අනිවාර්යෙන්ම පුලුවන් වෙයි.
පුද්ගලික ජීවිතය ගෙවී යන්නේ මොන විදිහටද?
මේ දිනවල පුද්ගලික ජීවිතය ගෙවෙන්නේ රියෑලිටි වේදිකාව එක්‌කම තමයි. ඒ හැරුනම ටෙලිනාට්‍ය චිත්‍රපට වගේ හැමදේම එකතුවෙලා ගෙවීගෙන යනවා.
දැන් හොරෙන්ම පෙම් කරනවා කියන්නේ ඇත්තද?
ඔව් ඉතින් මේ වයසට පෙම්වතියක් නොවුණොත්නේ පුදුමේ.
ඒ කියන්නේ රුවන්ගි දැන් පෙම්වතියක්?
ඒක ගැන අපි වෙනම ආටිකල් එකකින් කතා කරමු.
දැන්ම මාධ්‍යයට කියන්න කැමති නැද්ද?
නෑ.. නෑ.. අපි ඒක පස්‌සේ කතා කරමු.
කලාවට සම්බන්ධ වීම හොඳයි කියලා හිතනවද?
ඔව්.
නිළියක් වුණහම කට කතා හැදෙනවා වැඩී නේද?
ඒක ලංකාවේ විතරක් නෙමෙයි. බොලිවුඩ්වලත් නළු නිළියන්ට කතා හැදෙනවනේ. ඒක අපි විතරක් ලොකුවට හිතන්න ඕනේ නැහැ.
ගොසිප් වලින් ඔබ ගැන කතාවෙනවා වැඩී නේද?
ඕනෑම ජනප්‍රිය කෙනෙක් මොකක් හරි දෙයක් කරනවා කියන්නේ ඒක මිනිස්‌සුන්ගේ කතාබහට ලක්‌වෙන දෙයක්‌නේ. හැබැයි සමහර වෙලාවට ලොකුවට කතාකරන දේවල් ගොසිප් එකක් නෙමෙයි කියලා. කතාකරන්න ඕන තරම් දේවල් තියෙද්දි කාටවත් වැඩක් නැති දේවල් තමයි පළ වෙන්නේ.
කසුන් රණවීර