Feb 06

සමලිංගික පනත ගැන කලා ලොවෙන් ඇසෙන කතා

සමලිංගිකත්වය නීති ගත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමත් එය ප්‍රතික්ෂේප වීමත් මෑත කාලයේ බොහෝ කථිකාවට බඳුන් වූ මාතෘකාවක් වුණා. අදාළ කෙටුම්පත කුණු කූඩයට විසි කළේ තමන් විසින් බව ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශ කළා. මේ කරුණ ගැන මාධ්‍ය ක්‍ෂේත්‍රයේ හා රංගන ක්‍ෂේත්‍රයේ සිටින ජනප්‍රිය කලාකාරියන් දෙදෙනකුගෙන් අදහස් විමසුවා. ඒ තනුජා ජයවර්ධන හා මහේෂි මධුසංඛා. තනුජයි - මහේෂියි අදහස් දැක්වූයේ මේ විදියට.


පටු කුහකත්වයකින් තොරව පුළුල්ව මේ දිහා බලන්න

- තනුජා ජයවර්ධන

විවිධාකාර හේතු මත මිනිසුන් ඔය තත්ත්වයට පත්විය හැකියි. ඒ අය දිහා සමාජය බලන දෘෂ්ටිය අනුව එම පිරිසට නොයෙක් සමාජීය ගැටලු ඇතිවන්නට පුළුවන්. මීට විසඳුම විදියට සමලිංගිකත්වයට නීතිමය අවසර ඉල්ලන පිරිසක් ඉන්නවා. අපේ රටේ සංස්කෘතික රාමුව අනුව එයට ඉඩදීම වැරදි බවට තව මත පළ කරනවා.

සමලිංගිකත්වය නීතිගත කිරීම හෝ නොකිරීම ගැන මා කියන්නේ නැහැ. නමුත් මේ දිහා විවෘත මනසින් බලන්න කියා මා කියනවා. දියුණු රටවල අය මෙවැනි දෑ ප්‍රශ්න බවට පත්කරගෙන නැහැ. ඒත් තවම පටු සම්ප්‍රදායික අදහස් තුළින් ලෝකය හා සමාජය දිහා බලන අය පිරුණු අපේ රටේ තමයි මේ වගේ දේවල් ප්‍රශ්න වෙලා තියෙන්නේ.අද අපේ රටේ ප්‍රශ්න රැසක් තියෙනවා. බඩු මිල ඉහළ යාම, ජනතාවගේ ජීවන තත්ත්වය ඇද වැටීම තුළින් මිනිස්සු පීඩාවට පත්වෙලා. ඒ අතරේ දේශපාලනඥයන්ගේ හොර මැරකම් ගැන විවිධාකාර පුවත් අහන්න ලැබෙනවා. හිටිහැටියේ මේ සමලිංගික අයිතියක් ගැන කථිකාවක් රටේ ඇති කරන්න හදන්නේ මිනිසුන්ට මේ ප්‍රශ්න අමතක කරන්න දෝ කියා මට හිතෙනවා.

ලෝකය ඇසුරු කරන උගත් බුද්ධිමත් මහතුන්ට මට කියන්න තියෙන්නේ මෙයයි. සමලිංගිකත්වය නීතිගත කරනවා නම් කළ යුත්තේ පටු මානසික රාමුවක ඉඳන් ‍නෙවෙයි. පුළුල්ව හිතලා බලලා. එය නීතිගත නොකර සිටිනවා නම් එය තීරණය ගත යුත්තේත් පටු රාමුවක නොවේ. විවෘතව පුළුල්ව හිතලා බලලා.

මෙය නීතිගත කළත් නොකළත් මේ ගැන සමාජය දැනුවත් කරනවා නම් හොඳයි පටු කුහක අදහස් නැතුව පුළුල්ව මෙම කරුණ දිහා බලන්න මිනිසුන් හුරු කරවීම අනිවාර්යයෙන් විය යුතුයි.

මේ වගේ දෙකයි පනහේ ප්‍රශ්න කුණු කූඩෙට දැමීම ගැන ජනාධිපතිතුමාට හිස නමා ආචාර කරනවා

- මහේෂි මධුසංඛා

මම නම් සමලිංගිකත්වය අනුමත කරන්නේ නැහැ. විවිධාකාර ශාරීරික හේතු මත ඔය තත්ත්වය ඇති විය හැකියි. ඒ අය කළ යුත්තේ ඒ සඳහා අයිතිය ඉල්ලන එක නොවෙයි සුදුසු වෛද්‍යවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න එක. එහෙමත් බැරිනම් ඉතින් ඔය විදියේ අයට නිදහසේ ඉන්න පුළුවන් රටකට ගිහින් තමන්ට කැමති විදියට ඉන්න එක. එහෙම නැතුව අපේ රටේ සමලිංගිකත්වය නීතිගත කිරීමට ඉල්ලා සිටීම නමෛයි, මේක බෞද්ධ රටක්. අපිට සංස්කෘතියක් තියෙනවා. ඊට පටහැනි දේවල් කරන්න බැහැ. අද අපේ රටේ තිබෙන ජාතික ප්‍රශ්නය ඕකද? අපි කොයි තරම් ප්‍රශ්න ගොඩක හිරවෙලාද ඉන්නේ. ඈත පළාත්වල රූගත කිරීම් වලට ගියාම මිනිස්සුත් එක්ක කතා බහ කරද්දී ඒ අය විඳින ප්‍රශ්න දැක ගන්න පුළුවනි. ඒ වගේ පසුබිමක සුළු පිරිසකට ප්‍රශ්නයක් වූ සමලිංගිකත්වය රටේම ප්‍රශ්නයක් විය යුතු නැහැ. ජනාධිපතිතුමා මේ වගේ දෙකයි පනහේ ප්‍රශ්න කුණු කූඩේට දාන එක ගැන මම එතුමාට හිස නමා ආචාර කරනවා.

ලක්බිම-
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.