Feb
26
විදෙස් විනිසුරුවරුන් ගෙන්වන්නේ නැහැ -ජනාධිපති

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ, පොලොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සව සභාව අමතමිනි.
'විදේශ රටවල විනිශ්චයකාරවරුන් ගෙන ඒමට ලෑස්ති නැති බව මේ රටට පැමිණි සියලු රාජ්‍ය නායකයන්ට මම කිව්වා. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට, මානව හිමිකම් කොමසාරිස්වරයාට සහ ප්‍රබල රටවල නායකයන්ට ඒ ගැන මම කිව්වා' ජනාධිපතිවරයා කියා සිටියේය.
විදේශ රටවල විනිශ්චයකාරවරුන් ශ්‍රී ලංකාවේ පරීක්ෂණවලට සහභාගී කරගැනීම සඳහා නීතියෙන් ඉඩක් නොමැති අතර, එවැන්නක් කිරීමට අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට සිදුවෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙයි.
එසේම ශ්‍රී ලංකාවේ අධිකරණය සහ විනිශ්චයකාරවරුන් පිළිබඳව රජයක් හැටියට විශ්වාසය තබන බවත් ජනාධිපතිවරයා පවසයි.
'ශ්‍රී ලංකාවේ විනිශ්චයකාරවරුන්ගේ දැනුම,බුද්ධිය සහ ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව රජයක් හැටියට විශ්වාසය තබන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.
- බීබීසී සංදේශය