Feb 12

අපි බිකිනියක් ඇන්දොත් ඒක ලෝකෙ ලොකුම වැරැද්ද වෙනවා

දුටු පළමු දිනයේ පටන් අද වනතුරුම රූපයෙන් එකම පෙනුමෙන් සිටින ඇය ශ්‍රීමාලි ෆොන්සේකා. මේ ඇය සමග අපි කළ කතාබහක්.

කොහොමද අලුත් වැඩ?

මේ කාලයේ වැඩිපුර අවධානය තියෙන්නේ ව්‍යාපාර පැත්තට. කලා කටයුතුත් අමතක කරලාම නැහැ. රූපවාහිනියේ දැන්වීම්වලට සහභාගි වෙනවා. සඟරා, පුවත්පත් කවර වගේම නිරූපණ වැඩසටහන්වලටත් ඉඳහිට සහභාගි වෙනවා.


ටෙලි නාට්‍ය, සිනමාව වගේ මාධ්‍යයන්ට වඩා ඇයි වැඩි කැමැත්තෙන් වෙළෙඳ දැන්වීම් භාර ගන්නේ?

ඒක මට පහසුයි. ආර්ථිකයටත් ලොකු ශක්තියක්. ඒ වගේම දැන්වීම්වලට පෙනී හිටියම මිනිස්සුන්ට නිතරම මගේ මූණ පේනවා. එතකොට මට සතුටුයි.

ශ්‍රීමාලි වයසට නොයෑමේ රහස මොකක්ද?

මේ මගේ උපතින් ලැබුණු පෙනුම. මම කොච්චර කෑම කෑවත් මහත් වෙන්නේ නැහැ. මම කවදාවත් ජිම් එකකට ගිහිල්ලා නැහැ. හිත පිරිසිදු නම් අපි හැමදාම ලස්සනයි.

ඒ කියන්නේ රහස තියෙන්නේ කෑම පිඟානේ?

ඔව්. එහෙම කියන්නත් පුළුවන්. සීනි/ තෙල්/ පිටි අනවශ්‍ය විදියට කන රටක අපි ජීවත් වෙන්නේ. කෑම උයලා, විසිකරන්න ලෝභකමට ඒ සේරම කනවා. ඒත් මම කවදාවත් එහෙම කරන්නේ නැහැ. බත් චුට්ටක් එක්ක එළවළු පලතුරු හුඟක් කනවා. හුඟක් වතුර බොනවා. එතකොට මම ලස්සන වෙනවා.

ජීවිතේ හැරවුම් ලක්ෂය මොකක්ද කියලා මම ඇහුවොත්?

ඒ 2012 අවුරුද්දේ මිසිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වීම. මගේ ජීවිතේ කණපිට හැරවුණේ එතැනින්.

ඒ මතකය ගැන දැන් මොකද හිතෙන්නේ?

2012 අවුරුද්ද වෙනකොට මම විවාහ වෙලා. මගේ දියණියත් ඉපදිලා. පුංචි කා‍ලේ පටන් මගේ හීනයක් තිබුණා රූ රැජිනක් වෙන්න. පත්තරේ දැකපු දැන්වීමක් දැකලයි මම තරගයට අයැදුම් කළේ. ඒ වෙනකොට මම කවදාවත් ස්ටේජ් එකක් උඩට නැගලා කතාවක් කරලා නැති බොහෝම සාමාන්‍ය ගෑනු ළමයෙක්. ඒත් මම හුඟක් මහන්සි වෙලා ඒ තරගයේ කිරුළ පැලඳුවා.

ශ්‍රීමාලි එහෙමයි ජාත්‍යන්තරයට ගියේ?

ඔව්. ඊළඟට මම 2012 අවුරුද්දේ මිසිස් ඒෂියා තරගයට ගියා. ඒ තරගය මැ‍ලේසියාවේ පැවැත්වුණේ. මම විතරයි එතැන කළු කෙල්ලකුට හිටියේ. පාට අඩුවීම ගැන මම මානසිකව වැටිලා හිටියේ. එතැන ජයග්‍රාහිකාව හැටියට මගේ නම කිව්වම මට සිහි කල්පනාවත් නැතිව ගියා.

අවුරුදු ගණනාවක අත්දැකීම් අනුව ශ්‍රීමාලි කියන්නේ නිරූපණ ක්‍ෂේත්‍රය නරක තැනක් කියලද?

එහෙමම කියන්නේ නැහැ. ඒත් හොඳ මොඩ්ල්ස්ලා 10 ක් හිටියොත් නරක මොඩ්ල්ස්ලා 50 ක් ඉන්නවා. චරිතෙ හොඳ නැතිකම මේ ක්‍ෂේත්‍රයේ අවුලක් නමෛයි. ඒ අයගේ පවුල් පසුබිමේ සහ හැදියාවේ තියෙන අවුලක්.

2016 මිසිස් ශ්‍රී ලංකා තරගයේ ලිංගික අල්ලස් ඉල්ලපු කතාව ගැන මොකද කියන්නේ?

ඒවා පැරදුණු අය දුකට කියන කතා. තරගයකට යනකොට දිනුවත්, පැරදුණත් සතුටින් ඒ දෙය භාරගන්න පුළුවන්කමක් අපට තියෙන්න ඕන.

නිරූපණ තරගවලදී ලිංගික අල්ලස් ඉල්ලන්නේ නැද්ද?

මම හිතන්නේ නැහැ. ඔය කියන තරගකාරියගෙන් කවුරුහරි ලිංගික අල්ලස් ඉල්ලුවා නම් එයා ඒක මුලදීම කියන්න ඕන. පැරදුණාට පස්සේ ඔහොම කිය කියා ගිහිල්ලා හරියන්නේ නැහැ.

කොටට ඇඳුම් ඇඳීම ගැන ශ්‍රීමාලිට චෝදනා තියෙනවා නේද?

ඔව්. ඒක අපේ සංස්කෘතියේ ගැටලුවක්. ප්‍රංශයේ, යුරෝපයේ, ඇමෙරිකාවේ ගිහිල්ලා අපි බිකිනි ඇන්දට කවුරුවත් මුකුත් කියන්නේ නැහැ. ඒත් ලංකාවේදී අපි බිකිනියක් ඇන්දොත් ඒක ලෝකෙ ලොකුම වැරැද්ද වෙනවා.

අත්දැකීමෙන්ද කියන්නේ?

ඔව්. තරගවලදී අපි බිකිනි ඇඳුම් අඳින්නේ ඇගේ හැඩය බලන්නයි. මොකද ලොකු ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනකුගේ ප්‍රමාණය, හැඩය, පෙනුම ගැන මැනලා බලන්න බැහැනේ. ඒත් නිරූපණ තරගවලට බිකිනි ඇඳුම් ඇන්දාම අපි කාටවත් ‍පොටෝ ගන්න දෙන්නේ නැහැ. මොකද ඕවා පත්තරවල ගියාම ලංකාවේ වසන්න හම්බ වෙන්නේ නැහැ.

සෝෂල් මීඩියාවලින් නිළියන්ට කරදරයිද?

මම ෆේස්බුක් එකේ ඉන්නවා. ඒත් ලයික්, කමෙන්ට් හිඟා කන්නේ නැහැ. නාඳුනන අය එක්ක චැට් කරන්න යන්නේ නැහැ. මොකද ඒවා කරදර ඇතිවෙන වැඩ. හැබැයි ෆේස්බුක් හරිම නරකයි කියලත් මම කියන්නේ නැහැ. මොකද අපි කරන කියන දේවල් අපේ රසිකයෝ දැනගන්නේ හුඟක් දුරට සෝෂල් මීඩියා හරහානේ.
ඉදිරියට මොකද වෙන්නේ?

මගේ ව්‍යාපාර පැත්තට වැඩි අවධානයක් දෙන්න වෙනවා. රඟපාන්න ආසාවක් නැතුව නමෛයි. ඒත් වෙලාව නැතිකම තමයි ප්‍රශ්නය. ව්‍යාපාරත් කලාවත් කරගෙන ඉදිරියේ දී සතුටින් ජීවත් වෙනවා.

සඳමාලි වර්ණසූරිය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.