Feb
08
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනත් තැනකට
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ගාල්ල වැකුණගොඩ ඉදිකරනු ලබන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව නිල නිවාසයට මුල්ගල් තැබීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය.
ගාල්ල මහ නගර සභා සීමාව පුළුල් කිරීමට තිරණය කර ඇති බවත් ඒ අනුව ගාල්ල නගරයේ වෙනස්කම් රාශියක් කළ යුතුව තිබෙන අතර ගාල්ල නගර මධ්‍යයේ තිබෙන පොලීසිය එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට ගෙනයන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩාංගණයක් හා මලල ක්‍රීඩාංගණයක් ඉදිකරන බවත් මෙම දිස්ත්‍රික්කයේ ඉදිරියේදී නගරය පුළුල් කරමින් වෙනස්කම් රාශියක් සිදුකරන බව අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.