Feb 08

මොනම හේතුවකටවත් සයිටම් වහන්නේ නෑ

සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම නීත්‍යනුකූල කිරීමත් සමඟ නොයෙක් පාර්ශවයන් කලබලයට පත් ව ඇති නමුත් එය කිසිසේත් වසා දැමීමේ අදහසක් නැතැයි එහි සභාපති ආචාර්ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

තමන් ලාභ ඉපැයිමේ අරමුණින් සයිටම් ආයතනය ආරම්භ නොකළ බවත් එසේ සිදු කළේ නම් වෛද්‍ය ආයතනයක් නොව ඒ වෙනුවට කැසිනෝ ආයතනයක් ආරම්භ කරන බවද නෙවිල් ප‍්‍රනාන්දු මහතා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ය.

තම ආණ්ඩුව පැවති කාලයේ සයිටම් ආයතනය ආරම්භ කළ නමුත් අද වන විට එයට විරෝධය පළ කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව ඇති බව පවසමින් මාධ්‍යෙව්දියෙක් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ප‍්‍රනාන්දු මහතා පවසා සිටියේ දේශපාලඥයන් යනු අවස්ථාවාදීන් බවත්, ඔවුන් බලය ලබගත් විට එක ස්ථාවරයකද බලයෙන් ඉවත්වූ විට තවත් ස්ථාවරයකද සිටින බවත් ය.

මේ අතර ඊයේ රාත‍්‍රියේ සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අන්ත වාමාංශික කණ්ඩායමක් සිටින බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.