Feb
04
ප්‍රින්ස්ට උදව් කරමු

ආයෙත් ටික ටික අමාරුයි. ගෙදර එක්ක ගිහිල්ලා දවස් දහයකට වගේ පස්සේ උණ ආවා. ඒකට හේතුව මොළයට විසබීජයක් ඇතුළු වුණු ප්‍රශ්නයම තමයි. එහෙම උණ හැදුණාම එයාව අපිට පාලනය කරන්න බැහැ. එක තැනක ඉන්නේ නැහැ. එහෙට මෙහෙට ඇවිදිනවා. අපිව අඳුනගන්නවත් බෑ. සිහිය මදි. අපි කියන දේවල් ඇහෙන්නෙත් නෑ.
• ඔෟෂධ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වියදම් වෙනවා නේද?
ඔව්. එයාව දැඩි සත්කාර ඒකකයේ නවත්වන්න ඕන. ඊට පස්සේ එන්නත් මාලාවක් දෙන්න වෙනවා. ඒ එන්නත් මාලාවට යන මුළු වියදම ලක්‍ෂ විස්සක්. රෝහල් බිලත් එක්කම එක වතාවකට ලොකු වියදමක් යනවා. ගිය අවුරුද්දේ විතරක් මට කෝටි එකහමාරකට වඩා වියදම් වුණා. බෙහෙත්වලට විතරක්.
• ඒ තරම් වියදමක් යනවා නම් පෞද්ගලික රෝහලකින් නැතිව රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබාගන්න බැරිද?
අපි ගිය වතාවේ අයියව ජාතික රෝහලට ඇතුළත් කළා. සාමාන්‍යයෙන් ඇතුළු කළ දවසෙම එයාට එන්නත් මාලාව දෙන්න ඕන. නමුත් රජයේ රෝහල්වලදී අයියව ලිස්ට් එකට දානවා. ලිස්ට් එකේ මුලින් ඉන්න අයව අරගෙන ඊට පස්සේ තමයි අයියාට ප්‍රතිකාර ලැබෙන්නේ. ඒ වෙද්දී එයාගෙ රෝගය තවත් උත්සන්න වෙනවා. නමුත් පෞද්ගලික රෝහලකට අරන් ගියාම ගිය වෙලාවේම ප්‍රතිකාර ලැබෙනවා.
• පසුගිය දවසක ජනප්‍රිය ගායකයෙක් ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට නිවන් සුව පතලා ෆේස් බුක් එකේ ඡායාරූපයක් පළ කර තිබුණා. ඒ සමඟම වැරැදි කතාවක් පැතිරුණා?
ඔව්. මම දැනගත්තා. මම දන්නේ නැහැ ඒ වගේ දේවල් නොදැනුවත්ව දානවද? හිතලා දානවද කියලා. මට මේ වෙලාවේ ඒ දේවල් ගැන හොයන්න තරම් මානසිකත්වයක් නෑ. මට ඕන අයියව හොඳ කර ගන්න විතරයි. අනිත් එක මට කරන්න දේකුත් නැහැ. මම කියලා මොනවා කරන්නද? අයියව සුව කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. මෙහෙම කතා පතුරවන්න එපා. ඒ වගේ දේවල් කරලා ඊට පස්සේ සමාව ගත්තට වැඩක් නෑ.
• 90 දශකයේ කැසට් පීස් ගහලා ප්‍රින්ස් හොයපු සල්ලිවලට මොකද කළේ කියලත් දැන් සමහරු ප්‍රශ්න කරනවා නේද?
මගේ අයියා සල්ලි නාස්ති කරපු කෙනෙක් නෙවෙයි. එයාට ටවුමේ කඩ තිබුණා. ඒ/සී බස් තුනක් තිබ්බා. අයියට ඉඩම් පවා තිබුණා. අපේ අම්මා හිටියේ රට. එයා එහේදී මිය ගිය නිසා එයාව ලංකාවට ගෙන්වන්න අපිට ලොකු ගාණක් ගියා. ඒකෙන් අපිට දේපොළ සේරම විකුණන්න වුණා. ඊට පස්සේ අයියා අසනීප වුණා. ඉතුරු වුණු දෙයක් තිබුණා නම් ඒ සේරම වියදම් වුණේ අසනීපවලට.
• මේ වතාවේ උදවු කරන්න ඉදිරිපත් වුණු අය ඉන්නවාද?
මම උදවු ඉල්ලුවේ නෑ. ගිය පාර කලාකරුවන් සහ අයියගේ රසිකයන් සෑහෙන්න උදවු කළා. ඒ නිසා මට ආයේ උදවු ඉල්ලන්න බෑ. හැබැයි මම සෑහෙන්න අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා කවුරුහරි කැමැත්තෙන් උදවු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම දැන් හැම තැනටම ණය වෙලා ඉන්නේ.
• කලාකරුවන්ගේ පැත්තෙන් උදවු ලැබුණද?
ඔව්. කීර්ති පැස්කුවෙල් මහත්මයා උදවු කළා. මධුමාධව අරවින්ද මහත්මයා මට කතා කරලා කිව්වා නාමල් වෙනුවෙන් කළා වගේම ගිණුමක් ආරම්භ කරලා අයියා වෙනුවෙන් ප්‍රසංගයක් කරමු කියලා. රජ කපටියෝ වේදිකා නාට්‍යය කරන ක්‍රිෂාන්ත කිව්වා මේ වතාවේ නාට්‍යය කරන්නේ අයියට ආධාර පිණිස කියලා. එයට අමතරව අයියගේ සමකාලීන කලාකරුවන් සහ රසිකයන් සෑහෙන්න උදවු කළා. සමහර අය වේදිකාවේ නොමිලේ සින්දු පවා කිව්වා.
• උදවු කරන්න කැමැති අයට උදවු කරන්න ක්‍රමයක් තියෙනවාද?
ඔව්. ගිණුම් අංක කීපයක් තියෙනවා. මම ඒවා හිතවත් අයට දුන්නා. එයට අමතරව 100948803862 අංකයෙන් ඇල්පිටිය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ එස්.පී. ප්‍රනාන්දු නමට සහ 8103017799 දරන කොමර්ෂල් බැංකුවේ ඇල්පිටිය ශාඛාවේ එස්.පී. ප්‍රනාන්දු යන නමට තිබෙන ගිණුම්වලට මුදල් බැර කරන්න පුළුවන්.
- සාරවිට