Feb 04

රූ රැජින කිරැළ පැළැඳූ අයිරිස්ගේ කතාව

අලුත් අවුරුද්දේ කාගේත් ඇස් යොමු වෙච්ච බොහොම සුන්දර තරගයක් පහුගිය ඉරිදා නිමාවට පත්වුණා. ඒ තමයි Miss Universe හෙවත් විශ්ව රූ රැජින තරගාවලිය.

පිලිපීනයේ  පැවැති තරගයේදී ප්‍රංශ රූ රැජින වන අයිරිස් මිටනාරේ යි. විසි හතර හැවිරිදි ඈ නිරූපණ ශිල්පිනියක්. ඇය විශ්ව රූ රැජන ලෙස කිරැළු පැළඳීම තවත් සුවිශේෂී වෙන්නේ 1953 අවුරැද්දට පස්සේ ප්‍රංශයෙන් බිහිවුණු පළමු විශ්ව රූ රැජන ඇය නිසායි. අයිරිස් මේ වනවිට උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා. දන්ත ශෛල්‍ය වෛද්‍යවරියක් වීම තමයි ඇගේ වෘත්තීය අපේක්ෂාව වෙලා තියෙන්නෙ.

මැනිලා නුවරදී පැවැත්වුණු මෙවර විශ්ව රූ රැජින තරගාවලිය බොහොම උත්කර්ෂවත් සහ විනෝද ජනක අයුරින් පැවැත්වුණා. විනෝදය වැඩිවෙන්න ප්‍රධානම හේතුව වුණේ අවසාන මහා තරගයේ නිවේදකයා වන ස්ටීව් හාවේ. ගිය වසරේ විශ්ව රූ රැජින අවසාන තරගයේදී වැරදීමකින් ඔහු අතින් විශ්ව රූ රැජින ලෙස නිවේදනය වුණේ කොළොම්බියානු රූ රැජිනගේ නමයි. එය නිවේදනය කිරීමෙන් පසුව එය නිවැරදි කරමින් සැබෑ ජයග්‍රාහිකාව පිලිපීන රූ රැජින බවට නැවතත් ප්‍රකාශ කරන්න ස්ටීව්ට සිදුවුණා. සාමාන්‍යයෙන් විකට නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින නිසාම ස්ටීව්ගේ මේ වැරදීම ගොඩක් අයගේ සිනහව අවදි කරන්නත් හේතුවුණා.

ඉතින් අවුරැද්දකට කලින් වේදිකාව මත සිද්ධ වෙච්ච දේ මෙවරත් හැමෝගෙම මතකෙට ආවා. ඒ පසුගිය වසරේ විශ්ව රූ රැජින වුණු පිලිපීන රූ රැජින ස්ටීව් සමඟ වේදිකාවට ගොඩවීමත් සමඟයි.

“Every time I read off a card, I pucker up just a little bit” (ජයග්‍රාහිකාව නිවේදනය කරන හැම වතාවෙම මගේ කට උල් වෙනවා) ස්ටීව් කියුවේ සභාවේ හැමදෙනෙක්වම හිනා ගස්වමින්.

ඒ අතරේ ගියවර විශ්ව රූ රැජිනත් කතාකළා. “Steve, I never got to thank you, but thank you for making me the most popular Miss Universe,” (ස්ටීව් මට ඔයාට ස්තූති කරන්න ලැබුණෙම නැහැ. කොහොම වුණත් මාව ජනප්‍රියතම විශ්ව රූ රැජින කළාට ගොඩක් ස්තූතියි!)

ස්ටීව් සිනාවකින් ඊට පිළිතුරැ දුන්නා. I want to thank you for making me the most famous host of Miss Universe. (ඔයා නිසා මමත් විශ්ව රූ රැජින තරගාවලියේ හිටපු ජනප්‍රියම නිවේදකයා බවට පත්වුණා. ඒකට ඔබටත් ස්තූතියි!)

මේ අතරේ හිටපු කොළොම්බියානු රූ රැජින දිහාවට කිට්ටු වුණු ස්ටීව් කොළොම්බියානු ජනතාව ස්ටීව් ගැන හිතන්නේ මොනවද කියලා ඇගෙන් ප්‍රශ්න කළා. ගොඩක් දෙනෙක් ඔයාට වෛර කරනවා. හැබැයි මම ඔයාට කැමැතියි කියලා ඔයා දන්නවනෙ. ඇය උත්තර දුන්නා.
මේ විදිහට වේදිකාව සිනහවෙන් පිරෙද්දී තවත් පුද්ගලයෙක් වේදිකාවට ආවා.  ඔහු මේ තරගාවලියේ සංවිධායකයින් නියෝජනය කරන කෙනෙක්. “මේ අහන්න ස්ටීව් මේ පාර කිසි වැරුද්දක් වෙන්න බැහැ. මේ පාර වැරුද්දුවොත් ඔයාට පිලිපීනෙන් එළියට අඩියක්වත් තියන්න ලැබෙන එකක් නෑ” ඔහු කීවේ සභාවේ විනෝදය තවත් වැඩි කරමින්.

අයිරිස් මිටනාරේ විශ්ව රූ රැජින කිරැළ පැළැඳූයේ මේ අතරේයි. විශ්ව රූ රැජින තරගයේදී කාන්තාවගේ සුන්දරත්වයට වගේම සමාජය, දේශපාලනය, සංස්කෘතිය ආදී ක්ෂේත්‍රයන් තුළ පවතින අවබෝධයටත් වැඩි අවස්ථාවක් හිමිවෙනවා. බොහෝවිට රූ රැජින බවට පත්වන තැනැත්තිය තීරණය වන්නේ විනිසුරැ මණ්ඩලය අසන ප්‍රශ්නවලට ලබාදෙන පිළිතුරැ අනුවයි.

අවසන් තරගකාරිනියන් තිදෙනාටම යොමුවුණු අවසාන ප්‍රශ්නය වුණේ, ඔබ ජීවිතය තුළ මෙතෙක් ආ ගමන තුළ ඔබ අසාර්ථක වුණු අවස්ථාවක් නම් කරන්න. ඒ වගේම ඉන් ඔබ ලබාගත් අත්දැකීමත් විස්තර කරන්න යන්නයි.

‘මම ජීවිතයේ කිහිපවරක් අසාර්ථක වුණා. පළමු වතාවට මම අසාර්ථක වුණේ නාට්‍යයක රඟපෑමට මාව තෝරා නොගත් අවස්ථාවේයි. හැබැයි ඊට පසු දවසේදි මාව අලුත් නිර්මාණයකට යොමුකරලා කියලා දැනගන්න ලැබුණා. ඉතින් මම හිතන්නේ ඔබ යම් විටෙක අසාර්ථකත්වයට පත්වුණොත් නැවත නැගිට ඇවිත් තවත් උත්සාහවන්තව ඉදිරියට ගමන් කළ යුතුයි. අද මම ජයග්‍රාහිකාවක නොවුණත් අවසන් තරගකාරිනියන් තුන්දෙනා අතරට පැමිණීමේ ගෞරවය මා සතුව තිබේවි. ඉතින් මම අතීතයේදී අසාර්ථක වී තිබෙනවා. නමුත් මේ තරගය මේ අවසන් වේදිකාව මම දකින්නේ හොඳ අවස්ථාවක් ලෙස පමණයි’ ඒ අයිරිස්ගේ ජයග්‍රාහී පිළිතුරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.