Jan
02
ලොතරැයි පතක මිල රු. 30ක් වේ

මේ නව බද්ද අනුව අහඹු ලෙස දිනුම් අදිනු ලබන අයිතිකරුවන් සඳහා අංක කරන ලද ප්‍රවේශපත්‍ර විකිණීමෙන් සහ ත්‍යාග ප්‍රදානයෙන් මුදල් උපයනු ලබන සෑම ලොතරැයියක් සඳහාම 15% ක් හෝ ප්‍රවේශ පත්‍රයකට රු. 5 ක් යන දෙකෙන් වැඩි අගය මත නිෂ්පාදන බද්දක් අයකරනු ලබන බව රජය විසින් කළ නිවේදනයක සඳහන් වේ.
මේ නව බද්ද නිසා ලොතරැයි අලෙවිය අඩුවනු ඇතැයි ද අපේක්‍ෂා කෙරේ. ලොතරැයි අලෙවි නියෝජිතයෝ මේ නව බද්දට බලවත් විරෝධය පළකර සිටින අතර ඔවුන්ගේ කොමිස් ප්‍රතිශතයද අඩුවී ඇතැයි චෝදනා කරති.