Jan
23
බස්-කන්ටේනර් ගැටුමෙන් දෙදෙනෙක් මරුට-33ට තුවාලයි!

අද (23) අලුයම 5.00 ට පමණ කොළඹ-නුවර මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ බටලීය හංදිය ආසන්නයේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබේ.
වරකාපොළ දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් සහ කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් බස් රථය පෙරළී ගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අතර අනතුර හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
නිට්ටඹුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.