Dec
29
බොලිවුඩ් පුරවරයට පවා ආරාධනා ලැබූ අන්තර්ජාලයේ රූමත් සිංහල තරුණිය
බහරේනයේ සිට අන්තර්ජාලය කළඹන මියුරු ගී රාවයක්.
අති මියුරු හඬකින් හින්දි ගීතයෙන් රසිකයන් පිනවන ඇය ශ්‍රී ලාංකික තරුණියක්.
'ස්මියුල්' මෘදුකාංගය ඔස්සේ ඔබ හමුවන ඇය 'කුෂී'.
කුෂී ගිම්හානි.
'කුෂී' ලෙසින් මිතුරු මිතුරියන් හැඳින්වුවත් ඇගේ සැබෑ නම මධූෂා ගිම්හානි.
දැනට 'ස්මියුල්' මෘදුකාංගය යොදාගෙන ගී ගයන බොහෝදෙනාට එය හඳුන්වා දුන්නේ තමන් බවත් ඇය පවසන්නීය.
එහෙත් ඇය වෘත්තීය ගායිකාවක හෝ සංගීත ශිල්පිණියක නොවේ.
ඇය බහරේනයේ රූපලාවණ්‍ය ආයතනයක සේවය කරන 23 හැවිරිදි තරුණියක්.
"මම කවදාවත් සංගීතය ඉගෙනගෙන නෑ," කුෂී පැවසුවේ බීබීසී සංදේශය සමග අදහස් දක්වමින්.
"හැබැයි ලංකාවේදීත්, බහරේන්වලත් ප්‍රසංගවල එහෙම මම ගීත ගායනා කරලා තියෙනවා."
හින්දි භාෂාව චතුර ලෙස හසුරුවමින් බහරේනයේදී ඇය ගී ගයන අයුරු දුටු ප්‍රධාන පෙළේ බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරයෙක් තමන්ට බොලිවුඩ් පුරවරයට ආරාධනා කළ බවත් කුෂී සංදේශයට කියා සිටියාය. එහෙත් ඇය තවම ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැහැ.
කුෂී හෙවත් මධූෂා ගිම්හානි ගී ගයන්නේ හින්දි භාෂාවෙන් පමණක් නොවේ.
"ස්වර්ණවාහිනියේ රට විරු වැඩසටහනෙත් මම ගීත ගායනා කළා."
නුදුරු අනාගතයේදීම යළිත් ශ්‍රී ලංකාවට පැමිණ ලාංකීය රසික රසිකාවියන්ට සිය නිර්මාණවලින් සංග්‍රහ කිරීම කුශී ගේ බලාපොරොත්තුවයි.

![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiK6QHOk7Qkeb7mxwpbtCFONaD-YTqSNiVHb0RuYQgkCwVuUKm93oX1UMwnvX-W_2N4WDU2oz9GZTuiGt1lrI770ylmvYxApRj0RfzMoWEKdJiLU3qjihFYNWUOkRTDfmJdVWZRoq_wKfQ/s640/12990893_225435514482145_7495809442490353024_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjWFJV_imFJeSSwn0AyHdc-IwMqatEszhyoNFvff9yfKA0Ns4jrKXiStsSqUzJTmXfjHcvdLrPY2vARAoDV8Of_s7nWzAl1E-QL6Yv_bIuz2JZSQ-_2_eMwzWdKwauCvd9FgNZMPOTB4c/s640/13466529_262244320801264_3732951073281840750_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqNh8wb8RGEjOTQBgWNnc0hd6tVGp2uS9wk1dL3TBwM9qWMoYM6Yo_ia9vcJI4OQKUyOxc3N_inYndgA5YlZfXSgOSSTTHwmDqO7OgCoiyy-R2oVu22B9B4HoacaYFWJaGaMyrvPKanxA/s640/13902609_284949335197429_369404287793048850_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoLgpynvtt_FyYauUR3rN92yfqMOtCCPMU6-_5_HZrMQtntI1kZKzJcTZrs5_LE2gqfeflCyRgHNtAIV5WRwZjhkgZ4-1gt8ZuOJWrdseuj-Yibedqvnkwv52YkVj-Wcjaa1Fh2eVmx4Q/s1600/15621874_360473504311678_8328364654423560928_n.jpg)