Dec 29

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ජනවාරි 12දාට පෙර

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල ජනවාරි 12 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර ප්‍රකාශ කරයි.

ඉකුත් අගෝස්තු මස පැවැති විභාගයට අයදුම්කරුවෝ 3,15,605 දෙනකු පෙනී සිටි බවත්, ඔවුන් අතරින් මෙවර තාක්‍ෂණ විෂය ධාරාවෙන් සිසුන් 30,000ක් පෙනී සිටි බවත් හෙතෙම කීය. තාක්‍ෂණ විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්‍ෂණ සඳහා එම සිසුන් වෙන් වෙන්ව සහභාගි කරවා එහිදී ලබා ගන්නා ලකුණු ලිඛිත පරීක්‍ෂණයේදී ලබාගත් ලකුණුවලට එකතු කර අනතුරුව ඉසෙඩ් අගය සකස් කළ යුතු බවත් පෙන්වා දුන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඒ සඳහා යම් කාලයක් ගතවන බවත් පැවැසීය.

උසස් පෙළ විභාග ප්‍රතිඵල වෙනදාට වඩා ප්‍රමාද වී ඇතැයි ඇතැමුන් පළකරන අදහස් පදනම් විරහිත බව පවසන හෙතෙම 2015 වසරේ විභාග ප්‍රතිඵල නිකුත් කළේ 2016 ජනවාරි 03 වැනිදා බවද සිහිපත් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.