Dec 29

ත්‍රස්‌තවාදයෙන් මුදාගත් විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ අස්ගිරි මහ නාහිමි

“අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක්‌ කරන්නේ තවත් එකක්‌. රට, ජාතිය, ආගම ගැන කැක්‌කුමක්‌ නැති පිරිස්‌ අද රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින් මුදල් සෙවීමට උත්සාහ කරනවා…..” යෑයි අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ පැවසූහ.


නව ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව රටේ ජනතාවට නිසි අවබෝධයක්‌ නැති බවත් ත්‍රස්‌තවාදයෙන් මුදාගත් රට යළි විනාශවීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.විදෙස්‌ රටවල වෙසෙන ශ්‍රී ලාංකීකයන් පිරිසක්‌ එක්‌ව ඇතිකරගත් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ නියෝජිත අස්‌ගිරි මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්‌ථාවේදී උන්වහන්සේ එසේ පැවසූහ.

මෙම අවස්‌ථාවේ අදහස්‌ දැක්‌වූ අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන හරහා බෞද්ධ සංස්‌කෘතියට රටේ භෞමික අඛණ්‌ඩතාවට සිංහල ජාතියට අයහපතක්‌ වෙනවා නම් සෑම පුරවැසියකුම ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් එය සෑම

ශ්‍රී ලාංකිකයකුගේම යුතුකමක්‌ හා වගකීමක්‌ බවත් අවධාරණය කළහ. ශ්‍රී ලාංකීය ජාතියක්‌ ලෙස මෙම මාතෘ භූමිය තුළ අපට ඇති ස්‌වාධීනත්වය අහිමි වුවහොත් ලෝකයේ අසරණ ජාතියක්‌ බවට පත්වීමේ ඉඩකඩ ස්‌ථීරවම ඇතිවන බව ද උන්වහන්සේ පැවසූහ.

දේශපාලනයේ යෙදෙන පිරිස්‌ අවස්‌ථාවාදී ලෙස ක්‍රියාකරමින් රටට, ජාතියට අයහපතක්‌ වන විට නිහඬව සිටින තත්ත්වයක්‌ දක්‌නට ලැබෙන බව ද ලේඛකාධිකාරී හිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ ලේකම් නිහාල් මෙන්ඩිස්‌ මහතා, “දෙමළ ඩයස්‌පෝරාව” ලංකාවට හානිවන පරිදි නොයෙක්‌ ප්‍රකාශ නිකුත් කරනවා. ඊට එරෙහිව නිසි පිළිතුරු ලබාදීම සඳහා අපි ශක්‌තිමත් සංවිධානයක්‌ පිහිටුවා ගත්තා.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය අගයන ඒ වෙනුවෙන් පෙනී සිටින ඕනෑම අයකුට මෙම සංවිධානය හා එක්‌විය හැකි බව ද හෙතෙම අවධාරණය කළේය.

– දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.