Dec 24

ජපන් කාර් ලංකාවට ගේන මගඩිය ගැන ඇත්ත විස්තරේ මෙන්න

අද ඔබට කියාදෙන්න යන්නේ ජපානයෙන් ලංකාවට ගෙනයන වාහන වල ඇත්ත කතාව. ඇත්තටම මේකට මගපෑදුනු විදියත් කියලම පටන් ගන්නමි.

මම ලංකාවේදී ගොඩක් රස්සාවල් කලා. කරලා ලක්ෂ දහයක් පහළොවක් එකතුකරගත්තා. ඉතින් අනිත් හැමෝටම වගේ වාහනයක් ගන්න හීනය මටත් තිබුණා. මමත් යාලූවෙක් හොයාගෙන වාහන ගන්නා ඇවිද්දා. එහෙම ඇවිදිද්දී මට තේරුණා,

ලක්ෂ පහලොවකින් මට වාහනයක් කියන්න වාහනයක්නම් ලංකාවේදී ගන්න ලැඛෙන්නැති බව. ඔය අතරේ තමා ඔය මුදලින්වියදම් කරලා ජපානයට එන්න පොටක් පාදාගත්තේ, ඉතින් මෙහේ ආවයින් පස්සේ ඔය යටපත්වෙලා තිබුණු වාහන ආසාව ආයෙත් මතුවුණා. ඉතින් නිවාඩු පාඩු වෙලාවට කලේ යාළුවෙක් අල්ලගෙන වාහන බලන්න පාර තොටේ ඇවිදපු එක. මට ලක්ෂ දහයකින් ජපානෙන් ගන්න පුළුවන් වාහන දැකලා මවිතයට පත්වුණා. මම ඉස්සර ලංකාවේ ඉද්දී හිතාගෙන හිටියේ ලංකාවේ බදු නිසා වාහන මිල වැඩියි කියලා. නමුත් ඒක නොවන වෙත් කතාවකුත් මෙතන තියනවා කියලා ජපානයේ කරක් ගහද්දී අවබෝධ වුණා. හරියටම දැනගන්නකම් ලිපිය ලියුවේ නැහැ. දැන් ඇවිල්ලා කාලයක් නිසා ගොඩක් විස්තර දන්නවා. ඔයාලා ඔක්කොගෙම දැනගැනීමට ඉදිරිපත් කරන්නමි.

ඔයාලා දකිනවා නේද ලංකාවේ වාහන සේල් වල අලූත් වාහන ගොඩගහලා තියනවා. ඔයාලා හිතන්නේ ඒවා අලූත් වාහන කියලද, මමත් ලංකාවේ ඉද්දී ඔහොමයි හිතාන හිටියේ නමුත් ඕවගේ ඇත්ත කතාව හරිම කටුකයි. ලංකාවට ගෙන්නන ලියාපදිංචි නොකල සේල්වල විකුණන වාහන, පුද්ගලික ආනයන කරුවන් ඔබට ගෙන්වා දෙන වාහන, ප්‍රසිද්ධ ඔක්ෂන් (Auction) වලින් ගෙන්වාදෙන වාහන කොටින්ම ඔබම ප්‍රසිද්ධ Auction එකකින් පුද්ගලිකව ආනයනය කරගත්තත් ඔබ බලාපොරොත්තු වෙන වාහනේ නම් ඔබට ලැඛෙන් නැහැ. මම එකින් එක කියාදෙන්නම්.

ශ්‍රී ලංකාවේ ජීවත්වන ඔබ ජපානයේ වාහන නිශ්පාදකයාගෙන්ම කෙලින්ම මිළදී ගතහොත් පමණයි, ඔබට නියම Brandnew වාහනයක් ලැඛෙන්නේ. ඔය Auction පට්ටම හොර ගුහාවල් ලංකාව වගේ රටවල් වලින් ආපු තක්කඩියෝ, මෙහේ වාහන හදන යාඩි දාගෙන ඉන්නවා. ඒවාගේදී, හැප්පිච්ච, කුඩුවෙච්ච, ඕනෑම වාහනයක් හොයාගන්නවත් බැරිවෙන්න හදනවා. ඒවාට ලංකාවෙන් බාස්ලා ගෙන්නලා ඒ යාඩි ඇතුලේ නවත්තගෙන ඉන්නේ, එයාලා ඇවිත් ඉන්නේ මාස තුන, හය වීසා වලින්. එලියට යන්න දෙන්නේ නැහැ. ඇතුලේම තමා වැඩ දැන් මේ යාඩි එක අයිති මනුස්සයා කරන්නේ ජපානේ පුරා ඇවිදලා හැප්පිලා, කුඩුවෙලා, කාර්මික දෝෂ ඇවිල්ලා, මිනිස්සු යටවෙලා, ගංවතුරට අහුවෙලා, පෙරලිලා, අපරාධ වලට අහුවෙච්ච වාහන හොයාගන්නවා. බොහෝ විට නොමිලේම. නැත්නම් ලංකාවේ මුදලින් රුපියල් පනස්දාහට වගේ හොයාගෙන තමන්ගේ යාඩි එකට ගේනවා. බොහෝ විට මේ ඔක්කොම 2013, 2014 වගේ නිශ්පාදිත අලූත් වාහන. ඔබට ජපානයේ දී 2015 නිශ්පාදිත අලූත්ම කොරොල්ලා එකක් නිශ්පාදකයාගෙන්ම මිලදී ගන්න පුළුවන් ලක‍ෂ දාහතරකට. හැපිච්ච එක්නම් ලක්ෂෙට ගන්න පුළුවන්, නැත්නම් නොමිලේ හොයාගෙන කරන්නේ තමන්ගේ යාඩි එකට ගෙනිහිල්ලා ලංකාවෙන් ගෙනල්ලා ඉන්න තමන්ගේ බාස්ලා ලවා මේ වාහනේ බාල අමතර කොටස් යොදලා හදනවා, ආරක‍ෂිත බැලූන එළියට ආපු, කූඩුවෙන් හැප්පුන වාහනයක් උනත් ඔය ලංකාවේ සේල්වල තියන සීට් වලට ඉටිකවර දාපු අලූත්ම වාහනෙක පෙනුම එන තත්වෙට හදන එකයි මේ යාඩි වල කෙරෙන්නේ, ඔන්න අනතුරු වෙච්ච වාහනයක් නොමිලේම හොයාගෙන ඔය රෙපෙයාර් කරන වැඩේට ඕන්නම් උපරිම ලක‍ෂ පහක් යයි, ඊට පස්සේ තමයි හොද හරිය.

දැන් වාහනේ හදලා ඉවරයි. දැන් තියනවා බැබලි බැබලි මීටරෙත් කරකවලා තියෙන්නේ කිලෝමීටර් පහ, දහය, පහලොව වෙන්න. දැන් මේක කවුරුහරි ගොනෙකුට විකුණගන්නත් ඕනනේ, දැන් ඔන්න මේ වාහනේ දානවා මේ Auction මගඩියට.කලින් වාහනේ හදන්න වියදම ලක්ෂ පහක් ගියානම් යාඩි එක අයිතිකාරයා ඒ වියදම ලක‍ෂ පහයි, තමන්ගේ ලාබේ තව ලක‍ෂ පහලොවකුයි විතර තියාගෙන ලක‍ෂ විස්සක් විතර මිල කරලා තමයි මේ Auction වලට දාන්නේ, ඔබ හොදට හොයා බැලූවෙත් පෙනෙයි මේ Auction වල වාහන මිල ගොඩක් වැඩියි. ජපානයේ නිශ්පාදකයාගේ මිලට වඩා ඒ කියන්නේ කොරොල්ලා අලූත්ම එකක් ඔබට නිශ්පාදකයාගෙන් ගන්නවනම් ලක‍ෂ දහයනම් ඔබ ඒක පාවිච්චි කරපු එකක් Auction එකකින් ගද්දී ලක්ෂ විස්සක් වෙනවා. ඉතින් ඔන්න ලංකාවේ කවුරුහරි Auction එකකින් මේ වාහනේ ගත්තා කියමු. එතකොට වාහනේ මිල ලක්ෂ විස්සයි. ලංකාවට ගෙනාවම බදු ගහනවා ලක‍ෂ විස්සට දහ අටක් වගේ. එතකොට ඔක්කොම ලක‍ෂ තිස් අටයි. අන්න ඒ විදියටයි ලංකාවට එන වාහන එච්චර මිල වෙන්නේ ඔයාලට දැනගන්න කියන්නම් මේ ජපානෙට ඇවිල්ලා ඉන්න ලංකාවේ තක්කඩි, ලංකාවට වාහන ආනයනය කරන රේගුවේ ඉන්න එවුන් ගොඩක් එකතුයි. ලංකාවට වාහනයක් ගෙන්නද්දී, ඒකට අයකරන බද්ද කීයද? විස්තර මොනවද? ඒ වාහනේ ජපානේ මිල කීයද? වාගේ කිසිදෙයක් ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. අන්න ඒකෙන් ප්‍රයෝජන ගන්නවා මේ හොරු, මම පසුගිය කාලේ මේ වාහන ආනයනය, පිටරට මිල ආදිය ගැන සමහරු ලිපි පලකරලා ත්‍රෙඩ් දාලා තියනවා දැක්කා. නමුත් ඒ කවුරුත් හරියට මේ කරුණු පැහැදිලි කරලා තිබ්බේ නැහැ. මොකද ලංකාවේ ඉන්න කෙනෙකුට මේ කෙරුවාව තේරුම් ගන්න අමාරුයි එකපාරටම.

මම ජපානයේ ඇවිදිද්දී දැකපු දෙයක් මෙහේ හයිබි්‍රඩ් වාහන ලංකාවේ තරම් පාවිච්චියක් නැහැ. පාවිච්චි කරනවා taxi දුවන්න වගේ. ඉතින් හයිබි්‍රඩ් වාහන වලට බදු අඩුව තිබ්බනේ පහුගිය කාලේ ලංකාවේ. ඉතින් මෙහේ ඉන්න හොර හැත්ත මොකද කරේ තමන් උපරිම ලාබ ලබන්න මෙහෙන් ලක්ෂෙට දෙකට හයිබි්‍රඩ් වාහන හොයාගෙන ලංකාවට පටවනවා, ඇයි ඉතින් බද්ධ අඩුනම් ඒකෙනුත් තමන්ට ලාබ ගන්න පුළුවන්නේ, අන්න ඒකයි ඔය ලංකාවේ හයිබි්‍රඩ් වාහන වැහිවැහැලා තියෙන්නේ. මම හිතන විදියට ලංකාවට දැන් සියයට අනූ නවයක්ම ගේන්නේ හයිබි්‍රඩ්, මම ලංකාවේ ඉද්දී හිතුවේ, වාහන සමාගම් හදන්නේ ඔක්කොම හයිබි්‍රඩ් වෙන්නැති, ඒකයි මෙච්චර හයිබි්‍රඩ් ලංකාවට එන්නේ කියලා ජපානේ ප්‍රසිද්ධ සමාගම් හයිබි්‍රඩ් හදනවා තමයි. නමුත් ටොයෝටා ගත්තත් වාහන වර්ග ගොඩක් හදනවා.ඒවගෙන් ලංකාවට එන්නේ හයිබි්‍රඩ් විතරයි. අන්න ඒකට හේතුවයි මම කිවුවේ. ලංකාවේ අසරණ මිනිස්සු තාම හරියට රෙපෙයාර් එකක්වත් කරගන්න තැන් නැති හයිබි්‍රඩ් අරන් දුක් විදිනවා.

කොටින්ම කිවුවොත් ලංකාවේ ජනප්‍රිය වාහනයක් ටොයෝටා ප්‍රෙමියෝ එක, මට මතක විදියට අපි සේල් එකකින් ලියාපදිංචි නොකල එකක් ගත්තොත් ලක‍ෂ පනස් අටක්වත් වෙයි. ඔබ පුද්ගලිකව Auction එකකින් ආනයනය කරගත්තොත් ලක‍ෂ පනස් පහක්වත් වෙයි. ඔන්න ඔය ප්‍රෙමියෝ එක මෙහේ ගංවතුරකට අහුවෙච්ච එකක් හොයාගන්න පුළුවන් ලක‍ෂ එක හමාරකට ලංකාවේ මුදලින්, එහෙම හොයාගෙන ඔය පොඩ්ඩක් සුද්ධ කරලා හොදට පොලිෂ් කරලා සීට් කවර දාලා, අලූත් ටයර් දාලා සුපිරි පෙනුමක් එන්න හදලා, ලංකාවේ තක්කඩියා ලක‍ෂ විසිපහක් විතර ලාබ තියාගෙන Auction එකට දානවා ඔන්න ඒක ලංකාවට ගෙනාවම ඒකට ලක්ෂ විස්සක් විතර බදු ගහනවා ඊට පස්සේ සේල් කාරයත් ලක‍ෂ දහයක් විතර තියාගෙන ලක්ෂ පනස් පහට ඔබට විකුණන්නේ. ඔන්න ඕකයි ඇත්ත කතාව ඔබ පුද්ගලික ආනයනකරුවෙකුට කියලා Auction එකකින් ගෙන්න ගද්දී වෙන්නෙත් ඕකමයි. එතනදී සේල් කාරයෙක් නැති නිසා ලක‍ෂ තුන හතරක් අඩුවෙන් ඔබට ලැඛෙයි. නමුත් ලක‍ෂ පනහක් දීලා ඔබ ගන්නේ ගංවතුරට අහුවුන ලක්ෂ එක හමාරේ කාර් එකක්.

ඉතින් මූලිකවම සිද්ධ වෙනදේ ඔබ තේරුම් ගන්න ඇති කියලා හිතනවා. මේ වංචාවෙන් බේරෙන්න නම් කල හැකි දේ තමයි අපට වාහන ගෙන්වාදෙන නියෝජිතයාට කිව යුතුයි අදාල සමාගමෙන් මිලදීගෙන ජපානයේ ලියාපදිංචි කොට දින කිහිපයකින් ලංකාවට එවන ලෙස. එවිට ඔබට පුලූවන් අදාල සමාගම අමතා අදාල වාහනය (මිලදීගත් දිනය, විස්තර) ලබා ගන්න. මේ ක්‍රම ටිකක් අමාරුයි. මොකද ඔවුන් සමාගමෙන් ගත්තත් කෑලි ගලවලා, බාල ඒවා හයිකරලයි එවන්නේ, මොකද කාලයක් තිස්සේ මිනිස්සු මේ හොර වංචාවට අහුවෙලා තිඛෙන නිසා. මේ ක්‍රම අලූතෙන්ම හදන්න වෙනවා.

මම වගකීමෙන් කියනවා ඔබට ඔය අන්තර්ජාලයේ වාහන Auction වල තිඛෙන වාහන Brandnew කිව්වත්, කවදාවත් විස්වාස කරන්නනම් එපා. ඔබට කවදාවත් Auction එකකින් Brandnew වාහනයක් ලැඛෙන්නේ නෑ. අනිවාර්යෙන්ම මගඩියක්මයි ලැඛෙන්නේ ඔය Auction Grade,auction sheet තනිකර බොරු විතරමයි. ඔබ Auction එකෙන් ගන්න වාහනේ ඇත්තම Grade එකයි මම මේ ලිපිය පුරා විස්තර කලේ, ඔබට මෙය පැහැදිලි කරගන්න අවශ්‍යනම් ගෙන්වා දෙන අයගෙන් ඉල්ලා සිටින්න, Auction දැමීමට පෙර වාහනයේ විස්තර ලබාදෙන ලෙස. ඒක අදාල සමාගමෙන් මිලදීගත් විමසිය හැකි ලිපිලේඛන, අන්න ඒවා ආනයනකරුවන්ගෙන් ඉල්ලනවාට වඩා හොදයි ඉබ්ඛෙක්ගෙන් පිහාටු ඉල්ලීම.

ඉතින් මීට වඩා පැහැදිලි කරන්න විවේකයක් නැහැ. ඔබ දැනටමත් සේල් එකකින් වාහනයක් අරගෙන ඇති පුද්ගලික ආනයනකරුවකුගේ බොරු Auction grade කතාවලට රැවටිලා ඇත. නැත්නම් ඔබම අන්තර්ජාලයේ Auction වෙබ් අඩවිවල හොද වාහන හොයනවා ඇති. ඉතින් මේ හැමෝගෙම දැනගැනීමටයි මේ කරුණු කිව්වේ. අනිත් අයත් මේ ගැටවලට අහුවෙන එක වලක්වන්න පුලූවන්නම් FAcebook වගේ මාධ්‍යවල මෙය ප්‍රචාරය කරන්න. සමහරවිට කාලයක් යද්දී මේ වංචාකරුවන් ජයගන්න ලංකාවේ මිනිසුන්ට පුලූවන් වේවි. ලංකාවේ රැකියාවල් කරන, අපේම සහෝදර සහෝදරියන්ට වාහනයක් කියන දේ හැමදාම හීනයක් නොවන බව තේරුම්කරන්නට, ජපානයේ සිට ලියු පළමු ලිපිය නිමයි.

උපුටා ගැනීමකි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.