Dec
24

ඇය, ‘ඒ දිල් හේ මුෂ්කිල්’ චිත්‍රපටයේ රන්බීර් කපූර් සමඟ නිරූපණය කළ පෙම් ජවනිකා ඇගේ සැමියා වන අභිෂේක් භච්චන්ගේ දෝෂ දර්ශනයට ලක්වීම මෙයට හේතුව වූයේ යැයි සඳහන් වුණා. අභිෂේක් ගේ බැණුම්වලින් කලකිරුණු ඓශ්වර්යා, ඖෂධ පෙති විශාල ප්‍රමාණයක් පානය කර ඇතැයි ද මෙයින් පසුව භච්චන් නිවෙසට වහාම වෛද්‍යවරයකු කැඳවූ අවස්ථාවේදී ‘මට මැරෙන්න දෙන්න. මෙහෙම දුක් විඳිනවට වඩා මැරෙන එක සැපයි’ යනුවෙන් ඓශ්වර්යා පැවසුවේ යැයි ද එම වෙබ් අඩවිවල සටහන් වී තිබුණා.
නමුත්, මේ පුවත බොරුවක් යැයි දැන් හෙළි වී තිබෙනවා. සිද්ධිය වූයේ යැයි සඳහන් වූ දිනයට පසුදාම ඓශ්වර්යා, මෝස්තර ශිල්පී මනිෂ් මල්හොත්‍රාගේ 50 වැනි උපන් දින උත්සවයටත් සහභාගි වුණා.
ඒ විතරක් නොවෙයි, පසුගිය සතියේ ඇය, තම සැමියා අභිෂේක් සහ දියණිය ආරධ්‍යා සමඟ ඩුබායි දේශයේ දින කිහිපයක් විවේකීව කාලය ගත කළා. එම දිනවලදී එහි පැවැති උත්සව සිරිය රිසි සේ විඳ ගන්නට මේ තුන් දෙනාටම හැකි වුණා.
ඩුබායි වෙතින් නික්මුණු ඔවුන් ඉන් පසුව පිටත්ව ගියේ ඇමෙරිකා එක්සත් ජනපදයටයි. ලබන ජනවාරි මැද වන තුරු ඔවුන් එහි නිවාඩුව ගත කරනු ඇතැයි ආරංචියි.