Dec
24
නත්තල් දා බෝල්ට්ගේ නිවහනට කෝටි 630ක ජීප් රථයක්
ලොව වේගවත්ම මිනිසා සුපිරි ඔලිම්පික් ධාවන ශූර Usain Bolt වෙනුවෙන් සැකසූ නවතම ජීප් රථය හෙට නත්තල් දා ජැමෙයිකාවට ගෙන එයි. අමෙරිකානු ඩොලර් මිලියන 42ක වටිනාකමින් යුත් ‘වැන්ග්ලර් ඇවෝසා’ රථය බෝල්ට්ගේ පෞද්ගලික භාවිතයට ගැනෙන නවතම මෝටර් රථය වේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 630ක් පමණ වෙයි.
මේ අති සුඛෝපභෝගී නවීන මෝටර් රථය බොල්ට්ට පිරිනැමුණු නත්තල් තෑග්ගක් ද ඔහු විසින් මිළදී ගත් එකක් ද යන්න මෙතෙක් හෙළිවී නැත.
බෝල්ට් මෙයට පෙර මිලියන ගණන් වටිනා නවීන පන්නයේ බී. එම්. ඩබ්ලිව් මෝටර් රථ හා ෆෙරාරී එෆ් 458 වර්ගයේ මෝටර් රථ භාවිතා කළ ද මෙවැනි මෝටර් රථයක් ජැමෙයිකාවට ගෙන ආ පළමු අවස්ථාව මෙය වේ. බෝල්ට්ගේ මේ රථයේ ආසන ජැමෙයිකානු ධජයේ වර්ණවලට සමාන ආකාරයෙන් නිමවා ඇති අතර ඔලිම්පික් ලාංඡන හා වෙළෙඳ සලකුණු කිහිපයක් ද ඇතුළත් කොට තිබේ.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුනකදී පිට පිට රන් පදක්කම් 9ක් දිනාගත් බෝල්ට් ලෙව වැඩිම අදායම ඇති ක්‍රීඩකයන් අතුරින් 63වැනි ස්ථානයේ සිටින බව ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙයි.
මේ අතර ජාත්‍යන්තර මළල ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධාන කරන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම මළල ක්‍රීඩකයා ලෙස 6 වැනි වතාවටත් සම්මාන දිනා ගැනීමට උසේන් බොල්ට් පසුගියදා සමත් විය.