Dec
31
ආණ්ඩුවේ ඉන්නවාද යනවාද සියළු ශ්‍රීලනිප ඇමතිවරුන් හදිසි හමුවක
පළාත් පාලන මැතිවරණය දිගටම කල් දැමීම, ඉන්දියාව සමග එට්කා ගිවිසුම, හම්බන්තොට වරාය හා අක්කර 15000ක් චීනයට විකිණීම ඇතුළු එජාප පාලනයට විරෝධය පල කරමින් ශ්‍රිලනිප මැති ඇමති කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් වන බව වාර්තා වෙයි.
ජනවාරි 08 දායින් පසු මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි වාර්තා වන අතර මැති ඇමතිවරුන් දස දෙනකුට ආසන්න පිරිසක් ඉල්ලා අස්වීමට සැරසෙන්නේ යයිද සදහන්ය.
ගාල්ලේ දෙදෙනෙක්, ගම්පහ දෙදෙනෙක්, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, මොනරාගල, මාතලේ, බදුල්ල යන දිස්ත්‍රික්ක මෙම පිරිස් නියෝජනය කරන බවද වාර්තා වන අතර මෙම මෙහෙයුම සිදුවන්නේ ප්‍රබල ශ්‍රීලනිප අමාත්‍යවරුන් දෙදෙනකු විසින් බවද වාර්තා වෙයි.
මේ අතර තව දුරටත් ආණ්ඩුවේ සිටින්නේද නැද්ද යන්න සම්බන්දයෙන් වූ සාකච්චාවක් ශ්‍රීලනිපයේ සියළු මැති ඇමතිවරුන් විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවෙන් පසු තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගනු ඇති බවත් සදහන් වෙයි.