Dec
20
අත්අඩංගුවට ගන්න සොයන හිටපු නි. ඇමැති අතුරුදන්

ඔහු රටින් පිටව යෑම වළක්වාලමින් අධිකරණය පැන වූ තහනම් නියෝගය කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන්ට දැනුම් දීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.
පසුගිය රජය සමයේදී මීගමුව කළපුව සංවර්ධනය කිරීම් වස් දෙන ලද රුපියල් ලක්ෂ තුන්දහසක මුදල් දේශපාලන ප්‍රචාරක කටයුතු සහ වෙනත් කටයුතුවලට යෙදවූ බවට හිටපු නියෝජ්‍ය ඇමැතිට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
මේ අතර මීට දහතුන් වසරකට ඉහතදී එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවකු එවකට පැවැති මැතිවරණ සමයේදී වාහනයකට යටකර මරා දැමීමේ සිද්ධියක් පිළිබඳව ඔහුටත් රියැදුරකුටත් එරෙහිව පවරා තිබුණු නඩුවක තීන්දුව ජනවාරි 10දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
මේ ඝාතන සිද්ධියේ විත්තිකරුවන් වූ හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්නට සහ පමුණුගම ඩී. සමන් ලසන්ත කුමාර නමැති රියැදුරුට එරෙහිව විභාග වූ ලඝු නොවන නඩු විභාගය අවසන් කළ මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවල මහතා නඩුවේ තීන්දුව ජනවාරි 10දා ප්‍රකාශ කරන බව ඉකුත් 9 දින විවෘත අධිකරණය හමුවේ පැවැසීය.