Dec
16
ලොකු සටනකින් පසු මාගම්පුර වරායේ සේවකයෝ යළි වැඩ

සිය වෘත්තිය සුරක්ෂිත කර ස්ථීර පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලා සේවකයන් 480 දෙනකු විසින් ක්‍රියාත්මක කළ උපවාසය අමාත්‍යවරයාගේ අවසන් නිවේදනයෙන් පසු ඊයේ (15දා) පස්වරු 2 වන විට අවසන් කෙරිණි.
කිසිදු සේවකයකුට ස්ථීර පත්වීම් හෝ කිසිදු ලිඛිත ලියැවිල්ලක් අමාත්‍යවරයා විසින් ලබා දී නොමැති අතර මාගම්පුර වරාය කළමනාකරණ සමාගමේ සියලුම සේවකයන් සුපුරුදු කාර්යයන්හි නිරතව සිටින බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය ස්ථීර කෙළේය.