Dec 12

එයා තාම ඉගෙනගන්නවා ඒකයි මං වැඩිය කියන්නේ නැතුව ඉන්න හැදුවේ

එවකට නෑදෑයන් හිතවතුන් පාසල් මිතුරන් පමණක්‌ දැනගෙන සිටි ජනිත් ඉද්දමල්ගොඩ හරියටම මීට වසරකට පෙර දෙසැම්බර් මස පස්‌වැනිදාවක මුළු රටක්‌ හඳුනන තරුවක්‌ බවට පත්වුණා. අද වන විට ඔහු කාර්ය බහුල චරිතයක්‌. රටම හඳුනන ගායකයෙක්‌. එපමණක්‌ද නොවෙයි දක්‌ෂ කඳු තරණය කරන්නෙක්‌.


ò ජනිත් මොකෝ මේ එකපාරට කඳු තරණය කරන්න හිතුණේ?

එක පාරටමත් නෙමෙයි.. මේ පුංචි කාලේ ඉඳන් මගේ හිතේ තිබුණ හීනයක්‌.

ò ඒ හීනේ හැබෑ වුණේ කොහොමද?

මං අධ්‍යාපනය ලබපු නාලන්දා විද්‍යාලයේ ත්‍රාසජනක සංගමය තමයි මේ කටයුත්තට උර දුන්නේ. ඉතිං කඳු නඟින්නන්ගේ කණ්‌ඩායමේ නායකයා විදිහට කටයුතු කළෙත් මම. ඉතිං කඳු නඟින අයට හිමාල කන්ද තරණය කරන්න ලැබෙනවා කියන එක ලොකු ජයග්‍රහණයක්‌. හොඳ අත්දැකීමක්‌. ඒක නිසා හුඟක්‌ සතුටුයි ඒ අවස්‌ථාව උදා කරගන්න ලැබුණුq එක ගැන.

ò කොච්චර උසකට ළඟා වුණාද?

අපි අඩි 17000ක උසක්‌ තරණය කළා.

ò අලුත් ගීතයක්‌ එළිදැක්‌වූවා නේද?

ඔව්... අන්සතු වුණත් කියන මගේ අලුත් ගීතය release කළා. මේ ගීතය ලිව්වේ යසිත් දුල්ෂාන්, සංගීතය විකුම් පියුමාල්ගේ. මේ මගේ පළමුව රූප රචනා කළ ගීතය.

ò ඔබේ පළමුවැනි ගීතය මෙය නෙමෙයිනේ?

මඟහැරුණු හීනේ කුමාරි ගීතය තමයි මගේ පළමුවැනි ගීතය. ඒකටත් රූප රචනාවක්‌ කරන්නයි හිතාගෙන ඉන්නේ.

ò ඉස්‌සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?

තව අලුත් ගීත කීපයක්‌ම නිර්මාණය කරන්න එළිදක්‌වන්න කටයුතු සූදානම් කරමින් ඉන්නවා. ඒ අතර "දුප්පත්ද මගේ ආදරේ" කියන අලූත් ගීතයත් තියෙනවා. ඒ ගීතය රචනා කළේ සුපුන් මධුශංක. සංගීතය අරුණ තනුඡ්ගේ.

ò කඳු තරණය, ගීත ගායනය වගේ රඟපෑමට එහෙම ආරාධනා ලැබුණේ නැද්ද?

රඟපාන්න නං ආරාධනා ලැබුණේ නැහැ ඇත්තටම. ලැබුණත් මං හිතන්නේ නෑ ඒක මට කරන්න පුළුවන් දෙයක්‌ කියලා. මොකද මට ඒ දක්‌ෂතාවය නං නෑ මං හිතන්නේ. ගීත ගායනයට පුංචි හරි හැකියාවක්‌ තිබුණත් රඟපාන්න මට බැරුව ඇති.

ò චිත්‍රපට පසුබිම් ගීත ගායනයට යොමු වෙන්න අදහසක්‌ නැද්ද?

චිත්‍රපට කිහිපයකටම ගීත ගායනයට ආරධනා ලැබුණා. ඉස්‌සරහදි ඒ කටයුතු කරන්නයි බලාපොරොත්තුව..

ò දැන් බොහෝ දෙනෙක්‌ රියෑලිටි වැඩසටහන් වලට සම්බන්ධ වෙලා. ජනිත්ටත් ආරාධනා ලැබුණද?

ඒ අවස්‌ථාව නං මඟහැරුණේ මං හිතන්නේ පහුගිය ටිකේ තිබුණු සංචාර නිසා.

ò ඒ කියන්නේ ලංකාවේ හිටියනං ඒ ආරාධනා භාර ගන්නවා?

ඔව්... අනිවාර්යයෙන්ම.

ò උසස්‌ පෙළ ඉවරයි නේද?

ඔව් විභාගේ නං ඉවරයි... සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යන්න තමයි බලාපොරොත්තුව. කොහොම වෙයිද දන්නේ නෑ ඉතිං බලමු නේද?

ò girl friend කියන්නේ නැද්ද කඳු නගින්නයි සිංදු කියන්නයි ඔය ඔක්‌කොම කරන්න ඕන නෑ, business විතරක්‌ කරන් ඉමු කියලා?

එහෙම කියන්නේ නෑ ඉතිං...

ò ඒ කියන්නේ girl friend කෙනෙක්‌ ඉන්නවා?

හ්ම්... ඒ ගැන අපි දැන්ම නොකියා ඉමු නේද?

ò එහෙම හොඳ නෑනේ. ආදරය කරන කෙනා ගැන නොකියා ඉන්නේ මොකටද. කියමු නේද?

නොකියා හිටියට එයාගේ අවුලක්‌ නෑ....

ò ඒ වුණාට ඔයාගේ යුතුකමනේ එයා ගැන කියන එක. මොකක්‌ද එයාගේ නම?

ශාලිකා

ò එයා මොකද කරන්නේ?

එයා තාම ඉගෙනගන්නවා , ඒකයි මං වැඩිය කියන්නේ නැතුව ඉන්න හැදුවේ.

ò ඔය කියන විදිහට ජනිත්ගේ විවාහය කවද විතර සිදුවෙයිද?

විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළාට පස්‌සේ ඒ ගැන හිතන්නයි බලාපොරොත්තුව.

ඔබේ ආදරවන්තිය ශාලිකා එක්‌ක ගීතයක්‌ ගායනා කරන්න හිතුවේ නැද්ද?

අනේ නෑ. එයාට සිංදු කියන්න බෑ. තාලෙට අත්පුඩියක්‌වත් ගහන්න බෑ. ඉතිං කොහොමද එයත් එක්‌ක සිංදු කියන්නේ.

යුගන්ති යශෝධරා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.