Dec
12
සේයා ඝාතන නඩුවෙන් නිදහස් වූ සිසුවා රිමාන්ඩ්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-HsS_TUJK9PAOLTgvl5uSQw8MBxh8x4Bwh8LBrL2YZcjAZ7cOvJXAX9MZe-HaBCi7rx1gQnlVF-oFnrcJwU5pkFIEY08rSUbBPzUFWDmT6vnMPtTq5_hFLCwnUmpqOXpoD7HsdwMIoAE/s320/Stu.png)
මේ වනවිට 19 හැවිරිදි වියෙහි පසුවන මෙම තරුණයා මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ පොලිස් වසමේ නිල්පනාගොඩ ප්‍රදේශයේදීය.
මෙම තරුණයා ඉකුත් 08 වැනි දිනද ගංජා ග්‍රෑම් 9ක් ළඟ තබා ගැනීමේ චෝදනා මත මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 2,000ක දඩ මුදලක් මත මුදාහැර තිබුණු බවද පොලිසිය සඳහන් කරයි.
මිනුවන්ගොඩ පොලිසිය ඒ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලැබීය.