Dec
02
කෝටිපති ව්‍යාපාරිකයකුට සමානවීම නිසා ප්‍රසිද්ධ වූ දරුවා

ෆෑන් ශියාඕකින් නම් මේ දරුවාගේ පෙනුමෙන් තමන්ටත් කිසියම් වාසියක් ලබාගැනීම ඔවුන්ගේ උත්සාහයයි.
මේ දරුවාගේ පෙනුම චීනයේ කෝටිපති ව්‍යාපාරිකයකු වන, අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා ගේ පෙනුමට ඉතාමත් සමාන වීම මේ උනන්දුවට හේතුවයි.
පසුගිය සති දෙක ඇතුලත දරුවා දැක බලාගැනීම පිණිස දිනකට පනස් දෙනකු පමණ ඔහුගේ නිවසට ඇදී එමින් සිටිති.
දරුවා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන තුරුම ඔහුගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය සියලු වියදම් දැරීමට කෝටිපති ව්‍යාපාරික ජැක් මා ප්‍රතිඥා දී ඇති බවට රාවයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර ගොස් තිබිණ.
ෂියන්ජි පළාතේ වෙසෙන දරුවාගේ දිළිඳු පවුල ජීවත් වන්නේ ආණ්ඩුවෙන් ලැබෙන සහනාධාර මුදලිනි.
ඔහුගේ පියා ආබාධිතයකු වන අතර, මව පෝලියෝ රෝගයෙන් පෙලෙන කාන්තාවකි. අසූ හැවිරිදි මිත්තණිය අල්ට්සයිමර්ස් (Alzheimer's) රෝගයෙන් පීඩා විඳියි.
ෆෑන් ශියාඕකින් දරුවාගේ අධ්‍යාපනය පිණිස සියලු වියදම් දරන්නේ දැයි මාධ්‍යවේදීන් අලිබබා සමාගමෙන් විමසූ අවස්ථාවේ ඔවුන්ට දැනගන්නට ලැබුණේ එහි කිසිදු සත්‍යයක් නැති බවයි.
එහෙත් ඒ ප්‍රතිචාරය, දරුවා ගැන ජනතා උනන්දුව හීනවීමට හේතු වී නැත.
"මිනි ජැක් මා" ලෙසින් දැන් බොහෝ දෙනා හඳුන්වන මේ දරුවා මුලින්ම අවධානයට ලක් වූයේ 2015 දී.
ටික කලකින් එම අවධානය පහව ගිය නමුත් කෝටිපති ව්‍යාපාරිකයා ඔහුට ආධාර කිරීමට ඉදිරිපත් වී ඇති බවට ව්‍යාජ රාවයක් පැතිරයාමෙන් අනතුරුව යළිත් වරක් දරුවා සමාජ අවධානයට ලක්විය.
චිත්‍රපටවල චරිත, වෙළඳ දැන්වීම්වල පෙනී සිටීම වැනි විවිධ යෝජනා ඉදිරිපත් කරමින් දැන් බොහෝ දෙනා දරුවාගේ නිවසට ඇදී එමින් සිටිති.
- BBC