Dec
21
මේ වසරේ මේ දක්වා යකඩ යකාගෙන් මරණ 347ක්
දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේ ධාවනය වෙමින් තිබූ දුම්රියවලින් ඇද වැටීමෙන් සිදු වූ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 58 දෙනෙකු මියගොස් ඇති බවයි.
දුම්රිය හරස් මාර්ගවල සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇත.
දුම්රියට පැන සියදිවි හානි කරගත් බවට තහවුරු වූ මරණ සංඛ්‍යාව 31ක් බව අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ දුම්රිය අනතුරුවල ඉහළයාමක් ඇති අතර ජංගම දුරකථන භාවිතය හේතුවෙන් සිදුවූ අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද ඔහු පැවසුවේය.