Nov
15
‘කුස්සියක් නැති පාසලට අරක්කැමියන් හතරක් පත් කරලා‘

විශාල කම්කරුවන් පිරිසක් සීමිත සිසුන් පිරිසක් ඉන්න පාසලකට එවීම හා කුස්සියක් හෝ නොමැති පාසලකට අරක්කැමියන් හතර දෙනකු සේවයට එවීම පිළිබඳ විදුහලේ ගුරුවරු මවිතය පළ කරති.
කම්කරුවන් 25 දෙනාගෙන් 23 දෙනකුම කුලියාපිටිය පදිංචිකරුවන් බවත් සෙසු අය දඹුල්ල ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ බිරියක හා ඥාතියකු බව කියති. මේ පිළිබඳ විමසීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විමසීම සඳහා ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගත් විට ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් බව කියන රන්ජන් බණ්ඩාර මහතා කිවේ ඇමැතිවරයා විශේෂ රැස්වීමක සිටින බවත් පත්වීම් පිළිබඳ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් දීප්ති පෙරේරා මහතාට කතා කර දැනගැනීමට හැකි බවයි.
ඒ අනුව ඔහුගෙන් කළ විමසීමේදී කියා සිටියේ විද්‍යාලයේ ඉල්ලීම පරිදි විධිමත් ලෙස සම්මුඛ පරීක්ෂණ පවත්වා මේ පිරිස බඳවාගෙන ඇති බවත් අරක්කැමියන් එවා ඇත්තේ ඉදිරියේදී මේ පාසල්වල නේවාසිකාගාර ඉදිකිරීමේ සැලසුම් කර ඇති නිසා බවත්ය .
කුලියාපිටියට කියා විශේෂ වෙනසක් කර නැති බවත් සියල්ල බෙදී යන ආකාරයට පත්වීම් සිදුකර ඇති බවත් ඔහු කිවේය .සමහර විට කුලියාපිටියෙන් වැඩියෙන් ඉල්ලුම් කර ඇති නිසා වැඩි පිරිසක් සිටිය හැකි බවද ඔහු කීය.
මේ පිළිබඳ විමසීම සදහා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා සම්බන්ධ කර ගැනීමට උත්සහා කළද ඔහු මේ දිනවල විදේශ ගතවී ඇති බව එහි නිලධාරියෙක් පැවසීය.