Nov
03
කරූගේ දියණියක් දිවියෙන් සමුගනියි
බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හා විවාහවී එහි පදිංචිව සිටි ඇය වයස අවුරුදු 40ක දෙදරු මවක බව සඳහන්ය.
සංජීවනී ඉන්දිරා ජයසූරිය නමැති මෙම දියණිය,කරූ ජයසූරිය මහතාගේ දෙවන දියණිය බවත්,ඇය කලක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි බවත් පවුලේ ආරංචි මාර්ග පවසයි.
දැනට පැය දෙකකට පමණ පෙර අවසන් හුස්ම හෙළා ඇති ඇයගේ අවසන් කටයුතු එරටදීම සිදුකිරීමට නියමිත බවත්,කරූ ජයසූරිය මහතා ඇතුළු පවුලේ ඥාතීන් මේවන විටත් එහි ගොස් ඇති බවත් කියැවෙයි