Nov
27

අනේ නැහැ. එහෙම පෞද්ගලික ජීවිතේ වෙනසක් නම් වෙන්නෙ නැහැ. එහෙම ලොකු විශේෂයක් නම් නැහැ. මේ දවස් වල ෂූටින් එක්ක නම් හරිම කාර්යබහුලයි.
අපිට දැන් නිතර ශාලිකා දකින්න ලැබෙන්නේ හාස්‍ය රංගනයෙන් නේද?
එහෙම විශේෂයක් නම් නැහැ. ඒත් ඕනම රංගනයක් කරන්න නිළියකට පුළුවන් වෙන්න ඕනෑ. හාස්‍ය කියන්නෙත් තවත් රංගනයක්. ඒ හැකියාවත් තියෙන්න ඕනෑ. මට ඒ හැකියාව තියෙනවා. ඒ වගේම මට ඒවාට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා.
ශාලිකා කොමඩිවලට මාරු වුණේ ඇයි?
වැඩි නැඹුරුවක් නම් නැහැ. මම මේ දවස්වල ටෙලිනාට්‍ය කීපයකම ඉන්නවා. නාටක මාරයි හත හමාරයි නාට්‍ය හාස්‍ය නාට්‍යයක්. ඒකත් මේ දිනවල විකාශය වෙනවා. ඒ කියන්නේ මිනිස්සු ඒක වැඩිපුර බලන නිසා වෙන්න ඇති එහෙම කියන්නේ. අනෙක් කාරණේ මිනිස්සු හිනස්සවනවා කියන එක ලේසි දෙයක් නම් නෙවෙයි. ඒක හරිම අමාරු වැඩක්.
සහන්ගේ තුෂාරා චිත්‍රපටය අසාර්ථක වුණ නිසාද ශාලිකාව ආපසු චිත්‍රපටවල දකින්න නොලැබුණේ.
තුෂාරා ජ්ඪතථ එක අසාර්ථක වුණා කියන්න බැහැ. ඒක දින 50කටත් වඩා තිරගත වුණා. ඒත් දැන් දැන් චිත්‍රපට බලන ප්‍රේක්ෂකයන්ගෙ නම් අඩුවක් තියෙනවා. කොයි තරම් හොඳ චිත්‍රපට නිර්මාණය වුණත් දැන් ප්‍රේක්ෂකයෝ චිත්‍රපට ශාලාවට ඇවිත් චිත්‍රපටයක් බලන්නෙ නැහැ. ලේසියෙන් ගෙදර ඉඳන්ම බලාගන්න පුළුවන් නිසා. ඒ වගේම මම තුෂාරාවලට පස්සෙ චිත්‍රපට කිහිපයක්ම කළා. චිත්‍රපටවලින් අෑත් වුණේ නැහැ.
දැන් වේදිකාවෙත් කාර්යබහුලද?
ඔව්. මම චිත්‍රපටවලට වඩා වැඩි නැඹුරුවක් තියෙන්නෙත් වේදිකා නාට්‍යවලට. මේ දවස්වල මහින්ද පතිරගේ 'කලියුග කෝලම්' වල වැඩ කරන නිසා කාර්යබහුලයි. සති අන්ත මේ දර්ශන වාර තියෙන නිසා චිත්‍රපටවලට වඩා වැඩිපුර ප්‍රේක්ෂකයොත් ඉන්නවා ප්‍රතිචාරත් හොඳයි.
ඔබත් ක්‍ෂේත්‍රයට එන්නෙ වේදිකාවෙන්. ඉතින් වේදිකාවෙන් කලාවට එන නළු නිළියන්ට පැවැත්මක් තියෙනවා කියන කතාව ඇත්තක්ද?
ඔව්. මම පාසල් කාලේ ඉඳන්ම වේදිකා නාට්‍යවල ඉඳලා තමයි පස්සේ ක්‍ෂේත්‍රයට එන්නේ. ඒ නිසා මට වේදිකාව හුරුයි. මගේ ජීවිතේ මුල් තැන දෙන්නෙත් වේදිකාවට.
මම දැන් මේ ක්‍ෂේත්‍රයේ අවුරුදු 14ක් ඉඳන් ඉන්නේ. ඉතින් මම විශ්වාස කරනවා කලා ක්‍ෂේත්‍රයේ පැවැත්මට වේදිකාව ලොකු පන්නරයක් කියලා. වේදිකා නාට්‍යවල එක දිගට පැය 2 1/2ක් විතර වැඩ කරන එක, එකමුතුව වගේම ඕනෑම චරිතයක් කරන්න හොඳ පුහුණුවකුත් ලැබෙනවා. වේදිකාව කියන්නෙ රංගන පාසලක් වගේ තැනක්.
මේ දිනවල කලා කටයුතු ගැන කිව්වොත්?
මම මේ දැනුත් 'මීදුම් තරණය' කියන ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට කල්පිට ඉඳලා ආවේ. ඒක අයි. ටී. එන්. එකේ ලබන 8 වැනිදා ඉඳන් විකාශය වෙන අලුත්ම ටෙලිනාට්‍යක්. ඒක ටිකක් වෙනස් විදියෙ කතාවක්. දුෂ්කර අත්දැකීම්වලටත් මුහුණ දෙන්න වුණා. සෆ්රාස්ගෙ පිත්වා ටෙලිනාට්‍යයේ වැඩත් දැන් පටන් ගත්ත නිසා ටිකක් කාර්යබහුලයි.
ශාලිකාව ඉදිරියේදී අපිට දකින්න ලැබෙන්නේ මොන නිර්මාණවලින්ද?
'බුද්ධි' චිත්‍රපටයේ වැඩ කටයුතු ඉවරයි. ඒ වගේම මාලිංග අධ්‍යක්ෂණ කළ තුන්වරක් තුන චිත්‍රපටයත් ළඟදීම තිරගත වෙනවා. ඉදිරියෙදි චන්ද්‍රරත්න මාපිටිගමගේ ටෙලිනාට්‍යකිනුත් මාව දැකගන්න පුළුවන්.