Nov
13
'මහින්ද ශ්‍රීලනිපය දාලා යන්නේ නැහැ' - ශිරන්ති ගෙන් ඉඟියක්

''මහින්ද රාජපක්ෂ මහතා වෙනම පක්ෂයක් හදයි කියලා ඔබ විශ්වාස කරනවාදැයි'' කල විමසීමකදී ඇය මෙසේ සඳහන් කර ඇත.
'' බලමු ඒ වෙලාවට කොහොමද කියලා. එතුමාටත් මොලයක් තියෙනවානේ. කල්පනා කරලා වැඩ කරයි. දැන් එතුමාගේ කාලය නරක නැහැ. අපල කාලය ගෙවිලා ඉවරයි. සමහරවිට හැමදේම හරියයි.
එතුමාගේ පියා, බණ්ඩාරනායක මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න කටයුතු කළා. එතුමාට පක්ෂය හැරදා යන්න ඕන තරම් අවස්ථාව තිබුනත් එතුමා ගියේ නැහැ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හරි ආදරෙයි.''
මහින්දව නොමග යැව්වේ වටේ සිටි අය :
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව නොමග යැව්වේ ඔහු වටේ සිටි අය බව පවසන ශිරන්ති රාජපක්ෂ මහත්මිය, මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණය වසර දෙකකට පෙර කැඳවීමට ගත් තීරණය වරදක් බවත් තමාගෙන් නිකමට හෝ විමසුවේ නම් ඊට ඉඩ නොතබන බවත් එම සාකච්ජාවේදී සඳහන් කර තිබේ.
''එහෙම ඇහුවා නම් මම පසුගිය ජනාධිපතිවරණයට යන්න දෙන්නේ නැහැ. හඳහන්, වෙලාව සියල්ල මම බලනවා. මෙවර මට ඒ කාර්ය කරන්න බැරි වුණා. වටේ ඉන්න අය තමයි රැවට්ටුවේ. දැන් මම බලනවා. දැන් ආයේ රැවටෙන්න දෙන්නේ නැහැ.''
'නාමල්ට ගර්ල්ස් ලා හිටියට කමක් නැහැ'
''ජනසටන පාගමනේදී නාමල් සමග නිලියක් දිගටම ගමන් කළා කියලා ඔබ ඇයට මදියි නොකියන්න බැන්නා කියලත් කතාවක් තියෙනවා'' නේදැයි කල විමසීමේදී ඇය මෙසේ පවසා ඇත.
''මම කවදාවත් බැනලා නැහැ. දරුවන්ගෙන් අහන්න. ඔය වයසට ගැහැණු ළමයින් ඉන්න ඕන. බෝයිස් ලා ට ගර්ල්ස් ලා ඉන්න ඕනා. ගර්ල්ස් ලාට බෝයිස් ලා ඉන්න ඕනා. අපි ඒ ගැන දන්නවා.
මම අරයා බඳින්න මෙයා බඳින්න කියලා කවදාවත් කියන්නේ නැහැ. ගැහැණු ළමයෙක් ගෙදරට ආවත් මමත් හොඳට කතා කරනවා. දරුවන් තුන්දෙනාම කවුද බඳින්නේ කියලා මට තාම කියලත් නැහැ. මම කවදාවත් බල කරන්නෙත් නැහැ. එයාලා බුද්ධිමත් ළමයි. මම දරුවන්ට අතක්වත් උස්සලා නැහැ.
මහින්ද රාජපක්ෂ මහත්තයා දරුවන් ගැන හිතන්නේ කොහොමද?
''එයත් එහෙමයි. හරිම විවෘත මනසකින් දරුවන් දිහා බලනවා. විහිළු තහලු කරනවා. ඔහු කියන්නෙත් ඔයාලා බඳිනවා නම් හොඳ කෙනෙක්ව බඳින්න කියලයි.''