Oct 27

තාත්තා නැති ගෙදර අම්මගෙයි ආච්චිගෙයි අනඟ රැඟුම් ඉවසන්න බැරි තැන දුව කරපු වැඩේ

තම මවගේ කෘෘර වධහිංසා ඉවසා දරාගත නොහැකිවූ නව හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්‌ නිවසින් පැනවිත් ඇති බව රක්‌වාන පොලිසිය පවසයි.

මෙසේ පැමිණ ඇත්තේ රක්‌වාන ඕබඩකන්ද නො.2 වතු නිවාස වල පදිංචිව සිටි 4 වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවකි. මෙම දැරියගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත බවත්, මව වෙනත් අයෙකු සමඟ සම්බන්ධතාවයක්‌ ඇති කරගෙන ඇති බවත්, එම තැනැත්තාත් මවත්, මවගේ මවත් (මිත්තනිය) යන අය නිතරම කසිප්පු පානය කරමින් අශෝභන ලෙස හැසිරෙන බවත්, තමන්ට කෘෘරලෙස පහර දෙන බවත්, ඒවා විඳදරා ගත නොහැකි තැන බස්‌ රථයකට නැග රක්‌වාන නගරයට පැමි‚ බවත් නගරයේ අතරමංව සිටියදී එහි සිටි පිරිසක්‌ තමා රක්‌වාන පොලිසියට භාරදුන් බවත් මෙම ශිෂ්‍යාව රක්‌වාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති නෙත්මියාපා මහත්මිය ඉදිරියේ ප්‍රකාශ කළාය.

රක්‌වාන පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. ප්‍රසන්න නානායක්‌කාර මහතාගේ උපදෙස්‌ පරිදි සිදුකරන ලද විමර්ශන අනුව දැරියගේ සිරුරේ තිබූ සුළු තුවාල කිහිපයකට ප්‍රතිකාර ලබාදීමට ඇය මේවන විට රක්‌වාන රෝහලට ඇතුලත් කර තිබේ.

දැරියට කෘෘරත්වයෙන් සැලකීම සම්බන්ධයෙන් ඇයගේ මවට, මිත්තනියට සහ අනෙක්‌ තැනැත්තාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් දැරිය මවගේ දෙමාපියන්ට හෝ පරිවාස භාරයට පත්කිරීමට කටයුතු කරන බවත් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති නෙත්මියාපා මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.