Oct
08
මහින්දගේ අලුත් සන්ධානයට නම් 4,622ක්

නම පිළිබද එවන යෝජනා භාර ගැනීම හෙට (9දා) අවසන් වන බවත්, අටදෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් සුදුසු නම් තෝරා මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි සතිය තුළ භාරදෙන අතර මේ මස 15 වැනිදා නව දේශපාලන සන්ධානයේ නම තීන්දු කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ මුල්පෙළ නායකයෙක් පැවැසීය. නව දේශපාලන සන්ධානයේ පක්ෂ ව්‍යවස්ථාව සහ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට ජනාධිපති නීතිඥය් තිදෙනකුගෙන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දෙදෙනකුගෙන් හා බහුජන සංවිධාන නියෝජිතයන් දෙදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කොට තිබෙන බවද එම නායකයා පැවැසීය.
ඔහු පැවැසූ අන්දමට නව සන්ධානයේ ග්‍රාමීය සංවිධාන බිහි කිරීමේ වැඩපිළිවෙළ ඇරැඹීමට ඉල්ලුම්පත් නොවැම්බර් මස 1 වැනිදා සිට 07 වැනිදා දක්වා කැදවා එ ඉල්ලුම්පත් නොවැම්බර් 15ට පෙර එකතු කර එම මස 23 වැනිදා සිට ග්‍රාමීය සංවිධාන පිහිටුවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.