Oct
06
ක්‍රිකට් වාර්ත පොතේ පිටු අතරට අලුත් වාර්තාවක් ගෙනාපු මිලර්ගේ සුපිරි 6 X 6
ඒ එක්දින තරගයකදී ලොව දෙවන වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹා යමින් තරගයක් ජයග්‍රහණය කිරීමයි.
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තුන්වැනි එක්දින තරගයේදී තමයි මේ විශේෂ සිදුවීම සිද්ධ වුනේ.
මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නු ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 371ක් රැස්කර ගත්තා.
එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වුන ඩේවිඩ් වෝනර් ලකුණු 117ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 108ක් රැස්කර ගැනීමට සමත් වුණා.
අනතුරුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2කදි කඩුළු 6ක් දැවී ලකුණු 372ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළා.
එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වුන ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 118ක් ලබාගත්තේ පන්දු 79කදි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් මවිතයට පත්වන අයුරින් හයේ පහර 6ක් සහ හතරේ පහර 10ක් එල්ලකරමින්.