Sep
04

ලොව දිගම හා උසම පාලම වන චීනයේ Zhangjiajie වීදුරු පාලම මීට සති දෙකකට පමණ
පෙර විවෘත්ත විය. නමුත් එහි බලධාරීන් ම්‍ෙ වනවිට පාලම වසා දැමීමට තීරණය කර තිබ්‍ෙ. මෙම පාලම ඉදිකර ඇත්තේ හුනාන් පළාතේ සන්ජියෙජි සානුව හරහායි උසින් මීටර 300ක් ඉහල තනා ඇති මෙය ලෝක වාර්ථාවක්ද වන්නේය.
මෙලෙස පාලම වැසීමට හේතුව ලෙස දක්වන්නේ පාලම ඉදිකිරීමත් සමග මෙය දැක බලාගැනීමට සංචාරකයින් වැල නොකැඩී පැමිනීම. ඇතමුන් පවසන්නේ වැඩි පිරිසක් මෙය නැරඔීමට පැමිණීමෙන් පාලමට හානි වී නඩත්තු කටයුත්තක් සදහා ඔවුන් මෙලෙස පාලම වසා ඇති බවයි. කෙසේමුත් මීටර 430ක් දිගැති මෙම වීදුරු පාලම මත එකවර පුද්ගලයන් 8000කට ගමන්ගත හැකි ලෙස මෙය නිමවා ඇත. පාලම විවෘත්ත කල අවස්ථාව්‍ෙ පාලම නැරඔීමට එමෙන් 10 ගුණයක පිරිසක් පැමිණ ඇතැයි බලධාරීන් පවසයි.
ඉතා දර්ශණීය සානුවක් මත නිමවා ඇති මෙම පාලම තරණයට පැමිනෙන්නන්ගෙන් ඇතැමුන් නැවතත් හැරී යන්නේ පාලම මත සිටීම එතරම් සිත භීතියට පත්කරනා බැවිනි.නැවතත් පාලම විවෘත්ත කරනා දිනයක් මෙතෙක් දැනුම්දී නොමැත.





