Sep
13
මහ මුහුදේ අනතුරට ලක්ව සිටි සරණාගතයින් පිරිසක් සිලෝන් ප්රින්සස් ගිහින් බේරාගනියි
නැව් සංස්ථාවට අයත් M V සිලෝන් ප්රින්සස් නෞකාව ලක්විජය බලාගාරයට ගල්අඟුරු රැගෙන ඒම සඳහා දකුණු අප්රිකාව බලා යාත්රා කරමින් සිටියදී මේ ගලවා ගැනීමේ මෙහෙයුමට දායක වී ඇත්තේ.
නැව් සංස්ථාව පැවසුවේ, එය මුරුසි දිවයින ආසන්නයේ යාත්රා කරමින් සිටියදී එරට වෙරළාරක්ෂක බලකාය යාත්රාවක් අනතුරට පත්ව ඇති බව දැනුම් දී ඇති බව ය.
වහා ක්රියාත්මක වී ඇති M V සිලෝන් ප්රින්සස් නෞකාවේ කාර්ය මණ්ඩලය අනතුරට පත් යාත්රාවේ සිටි පිරිස ආරක්ෂිතව බේරා ගැනීමට සමත්ව ඇත.
අනතුරට පත් යාත්රාවේ සිටි පිරිස මුරුසි වෙරළාරක්ෂකයින්ට භාරදීමෙන් පසුව නෞකාව මේ වන විට දකුණු අප්රිකාව බලා යාත්රා කරමින් සිටින බව නැව් සංස්ථාව සඳහන් කළා.