Sep
16
හිලරි ක්ලින්ටන්ට නියුමෝනියාව වැළඳී ඒ සඳහා ප්‍රතිකාර ලබාගන්නා බවද මේ හේතුවෙන් ඉදිරි රැලි කිහිපයක් කල්දමා ඇති බවද වාර්තාවෙයි.
ළඟ එන ඇමෙරිකානු ජනපතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂිකාව වන ඇය රෝගාතුරව ඇත්තේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සමරා කළ වැඩ සටහනකට සහභාගිවූ අවස්ථාවේදීය. ඒ වන විටත් නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙමින් සිට ප්‍රතිජීවක ඖෂධ ලබමින් සිටි ඇය මෙහිදී විජලන තත්ත්වයකට භාජනයවි ඇත.
කෙසේවුවද මේ වන විට ඇගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව හිලරිට ප්‍රතිකාර කරන වෛද්‍යවරු කියා සිටියද ඇගේ ප්රචාරක කටයුතු භාරව සිටින කණ්ඩායම ප්‍රකාශයක් කරමින් පවසන්නේ රෝගී බව නිසා හිලරි කැලිෆෝනියාවේ පවත්වන්නට නියමිතව සිටි ප්රචාරක වැඩසටහනක් කල්දැමූ බවය. කැලිෆෝනියාවේ දෙදින සංචාරයක් සඳහා ඇය ඊයේ දිනයේ පිටත්වන්නට නියමිතව සිටි බව වාර්තා වෙයි.
ආසාත්මික බව නිසා කැස්සකින් ඇය පීඩා විඳී බවද මේ කැස්සට හේතුව සෙවීමේදී ඇය පෙළන නියුමෝනියා තත්ත්වය ගැන දැනගත් බවද හිලරිට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති. මේ හේතුවෙන් ඇයට ටික දිනක් විවේක ගන්නා ලෙසට ඉල්ලා සිටි බවද ඔවුහු කියති.