Sep
19
පොලිස් සිරමැදිරිවලටත් CCTV කැමරා: ඇමතිගෙන් පොලිස්පතිට නියෝග
මෙසේ CCTV කැමරා පොලිස් සිර මැදිරිවලට සවී කිරීමට තීරණය කර ඇත්තේ පොලිස් සිර මැදිරි තුළ සැකකරුවන් විවිධ ආකාරයෙන් මිය යෑම සම්බන්ධව දිගින් දිගටම වාර්තා වීමත් ඒ හරහා පොලිසියට චෝදනා එල්ලවීමත් හේතුවෙනි.
එම චෝදනා සම්බන්ධයෙන් පොලිසියේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.
පුස්සැල්ලාව සිර මැදිරියක සිට සැකකරුවෙකු මිය යාම සම්බන්ධව ද පොලිසියට චෝදනා එල්ල වෙමින් පවතින අතර පොලිසිය තුළ සිදුවන කටයුතු CCTV කැමරා සවි කිරීම තුළින් ඒ අාකාරයෙන්ම අපක්ෂ පාතීව සියලු දෙනාටම දැනගැනීමට හැකිවීම සිදුවනු ඇති බවට අපේක්ෂා කරයි.