Sep
27
කේරල ගංජා කිලෝ 82ක්කොටු
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9r7d3oXq0wJSqM0L5QyvOfS_8q5X99PItk73MeU_Gdp0UygkB3W8cyaESdT68NkiEuT7ge1PoIsEzHVgPo6L3cFrJrGTa9btnxnbMgUymplf8cJ-d45SEVC64DcfCxLwU4MQWbDL9LPw/s320/DSC_0027.jpg)
කිලිනොච්චියේ පලෙයි මරදන් කර්නි ප්‍රදේශයේ තිබී කේරල ගංජා තොගයක් ඊයේ (26) සොයාගෙන තිබේ.
ඊයේ (26) නාවික හමුදාව කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම ගංජා තොගය සොයාගෙන තිබේ. එහි කේරල ගංජා කිලෝග්රෑම් 82ක් හසුවතිබේ.
අත්අඩංගුවට පත් ගංජා තොගය රැපියල් එක් කෝටි විසි තුන් ලක්ෂයක් පමණ වටිනා බවට පොලීසිය ප්‍රකාශකරයි. එම භාණ්ඩ තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වෙනත් ප්‍රදේශයකට මේවා ප්‍රවාහණය කිරීම සදහා ඇසුරැම් කර තිබී ඇත.
මෙම කේරල ගංජා තොගය ලංකාවට ගෙන්වූ හා බෙදාහැරීමේ ජාලය පිළිබද පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ කරයි.