Aug 18

ලොව නීතිවිරෝධී චිත්‍රපට නැරඹීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 12 වැනි තැන

අන්තර්ජාලයේ සිදුවන නීති විරෝධී චිත්‍රපට මංකොල්ලයට එරෙහි වෙමින් ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මහතා තමාගේ MPI ප්‍රදර්ශන මණ්ඩලයේ ප්‍රදර්ශන ප්‍රවර්ධනය හා ඉදිරි සිනමාවේ ඩිජිටල් තාක්ෂණය භාවිතයේදී එහි නිෂ්පාදන ක්‍රියාවලියට සිදුවන විශාල පාඩුව මඟහැරීම සඳහා ඉන්දියාවේ AiPlex Software Pvt.Ltd සමග බද්ධ වී කරන ක්‍රියාවලියක් පිළිබදව නිෂ්පාදකවරු දැනුවත් කිරීමේ හමුවක් පසුගිය අගෝස්තු 09 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. එච්.ඩී. ප්‍රේමසිරි, බෙනට් රත්නායක, ජනිත මාරසිංහ, රසිත ජිනසේන, සමන් වීරමන් යන නිෂ්පාදක මහතුන් මෙන්ම, ටී.වී.ටී. ආයතනය නියෝජනය කරමින් එහි අනුබද්ධිත ආයතනයක් වන ඩිජිටල් පෝස්ට් සර්විසස් (DPS) ආයතනයේ දිනිඳු ජාගොඩ සහ අධ්‍යක්ෂවරුන් වන උදයකාන්ත වර්ණසූරිය, විමුක්ති ජයසුන්දර, කල්පන හා වින්දන ආරියවංශ මෙන්ම මෙම ව්‍යාපෘතියේ මැදිහත්කරු වන අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ හා බිරිය දමයන්ති ෆොන්සේකා හා ඇඩ් ඉන්ෆිනිටි ආයතනයේ අධ්‍යක්ෂිකා සංජනා ජයසිංහ මෙනෙවියද සහභාගී වූහ. තම ආයතනයේ කටයුතු පිළිබඳව පිරිස දැනුවත් කළ භාරතයේ AiPlex Software Pvt. Ltd ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ගිරිෂ් කුමාර් (Girish Kumar N.) මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“නීතිවිරෝධී ලෙස අන්තර්ජාලයේ සංසරණය වන චිත්‍රපට මූලාශ්‍ර ඉවත් කිරීමයි අප ආයතනයේ කටයුත්ත. මෙය පිහිටා තිබෙන්නේ බැංගලෝරයේ. අපේ සහය භාරත චිත්‍රපට නිෂ්පාදකවරුන් හා නිෂ්පාදන ආයතන විශාල සංඛ්‍යාවක් දැන් ලබා ගනිමින් පවතිනවා. මේ තුළින් නිෂ්පාදකරුවන්ගෙන් අපතේ යන විශාල ධනයක් ඉතිරි කරන්න පුළුවන්. ලොව සතර දිග්භාගයෙන්ම අනුන්ගේ චිත්‍රපට නීතිවිරෝධී ලෙස අන්තර්ජාලයට මුදාහරිනවා. ඇතැම්විට මේවා කරන්නේ කුඩා ළමයි වෙන්න පුළුවන්.

අන්තර්ජාලයේ සංසරණය වන මේ නීතිවිරෝධී ක්‍රියාකාරිකයන්ගේ වැඩකටයුතු අධීක්ෂණය කිරීමට අප ආයතනය තුළ විශාල සේවක සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. එහිදී අන්තර්ජාලයට චිත්‍රපට මුදාහරින්නන් මෙන්ම ඒවා මිලදී ගන්නන්ද මානසිකව අසහනයට පත්කළ හැකි සූක්ෂම ක්‍රම‘වේදයක් අප ආයතනය තුළ ක්‍රියාත්මකයි. උදාහරණයකට අප ගනිමු අන්තර්ජාලයේ නීතිවිරෝධී ලෙස චිත්‍රපට අලෙවි කරන මූලාශ්‍රයක් ඇතැයි කියා. අප ආයතනය විසිනුත් ඊට සමානම වූ දත්ත ගොනුකර නීතිවිරෝධී ස්වරූපය දැනෙන මූලාශ්‍ර අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. අපේ මූලාශ්‍රයට පිවිසෙන චිත්‍රපට ගැනුම්කරුවා තමා ගෙවූ මුදලට චිත්‍රපටය නොලැබෙන බව දැනගත් විට කෙදිනකවත් ඊට සමාන කිසිදු මූලාශ්‍රයකට තම ගෙවීම් කිරීමෙන් වළකිනවා. මේක එක අවස්ථාවක් විතරයි.

අපේ දත්ත සමීක්ෂණවලට අනුව ලොව වැඩිම අන්තර්ජාලයේ නීතිවිරෝධී ලෙස චිත්‍රපට ලබාගන්නන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව සිටින්නේ දොළොස්වෙනි ස්ථානයේ. ලංකාවෙත්, ඉන්දියාවෙත් වයස අවුරුදු 15-35 දක්වා වයස්වල අය මෙම නීතිවිරෝධී නැරඹුම්වලට යොමුවෙලා තියෙනවා. අපේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ මිලියන හයක ජනතාව අන්තර්ජාලයෙන් චිත්‍රපට නරඹනවා. එය ලංකාවේ ජනගහනයෙන් සියයට විසිදෙකක්. මින් සියයට හතළික පිරිසක් චිත්‍රපට නරඹන්නේ නීතිවිරෝධී මූලාශ්‍ර භාවිතයෙන්.

අන්තර්ජාලයේ මෙම නීතිවිරෝධී චිත්‍රපට බෙදාහැරීමේ මූලාශ්‍ර ඉවත් කිරීමේ සංවිධානාත්මක ක්‍රම‘වේදයක් අප ආයතනය සතුයි. අප ඒ සඳහා මුදලක් අය කරනවා. චිත්‍රපටයට ඇති රසික අවධානය අනුව මූලාශ්‍ර අහුරා දැමීමට සිදුවන කාලය හා ශ්‍රමය අනුව අපේ අය කිරීම් වෙනස් වෙනවා. අපේ ආයතනය විසින් එම නීතිවිරෝධී මූලාශ්‍ර දම්වැල මර්දනය කරන අන්දම අපූරු ක්‍රම‘වේදයක්. මෙහෙම කියනවට වැඩිය ඔබ අප ආයතනයට (බැංගලෝරයට) ඇවිත් එය නැරඹුවොත් එහි ඇති සංකීර්ණ බවත්, ඒ සඳහා වන අපේ කැපවීමත් දැකගන්න පුළුවන්. මෙම නීතිවිරෝධී මූලාශ්‍ර මර්දනය ඉතා වෙහෙසකර කටයුත්තක්. අප ආයතනය තුළින් චිත්‍රපට නිෂ්පාදකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ විශාලයි. අප ආයතනයේ ආගමනය ශ්‍රී ලංකාවට අලුත් මාවතක් විවෘත කරාවි කියලා මම විශ්වාස කරනවා. අප ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස සම්බන්ධ වූ සුනිල් ටී. ප්‍රනාන්දු මහතාටත්, මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළ ප්‍රසන්න විතානගේ මහතාටත් මම ස්තූතිවන්ත වෙනවා"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.