Aug 26

ගොඩක්ම කැමතියි ඓතිහාසික චරිත රඟපාන්න - විනූ

පුංචි තිරයේ නිතර දකින නිළියන් අතර විනූ සිරිවර්ධනද සිටින්නීය. මේ දිනවල තිරගත වන "පත්තිනි" චිත්‍රපටය සඳහාද ඇය රංගනයෙන් දායක වන්නීය.

මේ දවස්වල කාර්යය බහුලයි කියන්නේ ඇත්තද?

2016-08-23-ent-99සාමාන්‍ය විදිහට වැඩකටයුතු කරගෙන යනවා. මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක් සඳහා රංගනයෙන් දායක වෙනවා. ඒත් එක්කම "පත්තිනි" චිත්‍රපටයත් තවම තිරගත වෙමින් පවතිනවා. මේ මාසෙ අග වෙනකන් "පත්තිනි" චිත්‍රපටය තිරගත වෙනවා. ඒ වෙනුවෙන් ප්‍රතිචාර ලැබෙනවා වගේම මේ දවස්වල සුමති සම්මාන උලෙළත් තියෙන නිසා බොහෝ අයගෙන් ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව නිවේදන කටයුතුත් සඳහත් සහභාගි වෙනවා. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා.

 "පත්තිනි" චිත්‍රපටය පිළිබඳව කතා කළොත්?

"පත්තිනි" කියන්නේ මගේ දෙවැනි චිත්‍රපටය. මගේ පළමුවැනි චිත්‍රපටය "ඇහැලේපොළ කුමාරිහාමි". ඒක ගිය වසරෙදි තිරගත වුණේ. ඉතිං ඒ චිත්‍රපටයත් තේරිලා තියෙනවා හිරු නාළිකාවේ සිනමා උලෙළට. ඒ උලෙළෙ ජනප්‍රිය නිළියන් අතරේ මමත් ඉන්නවා. මගේ දෙවැනි චිත්‍රපටය තමයි "පත්තිනි". මහචාර්ය සුනිල් ආරියරත්න තමයි එය අධ්‍යක්ෂණය කළේ. ජගත් සුමතිපාල සහ මිලීනා සුමතිපාල විසින් එහි නිෂ්පාදන කටයුතු කරනු ලැබුවා. මගේ රංගන ජීවිතයේදී මට ලැබුණු ලොකු අත්දැකීමක් තමයි "පත්තිනි". රංගනයෙදි විතරක් නෙමෙයි, ජීවිතයෙදි ලැබුණු අත්දැකීමක්. වෙනස්ම චරිතයක් තමයි මම එහිදි නිරූපණය කළේ, අවුරුදු 15ක චරිතයක්. ඉතිං ඇය නමින් "මනිමේඛලා." ඇය පැවදි ජීවිතයට ඇතළත් වෙනවා. ඒ විදියට තමයි චරිතය ගලාගෙන යන්නෙ.

චිත්‍රපට සඳහා දායකවීම සීමා සහිතද?

සීමා සහිතයි කියන්නත් අමාරුයි. හැබැයි තෝරා බේරා ගැනීමක් කරනවා. වැඩිපුර කැමැත්තක් තියෙන්නෙත් සිනමාවට. එහෙම කියලා ලැබෙන ඕනෑම නිර්මාණයක් භාර ගන්නෙ නැහැ. චරිතය සහ කතන්දරය කොහොමද කියල වගේම මට ගැළපෙන චරිතයක්ද කියලත් මම බලනවා. ගොඩක්ම කැමති ඓතිහාසික චරිත සඳහා දායක වෙන්න. මේ චිත්‍රපට දෙකම ගත්තාම ඓතිහාසික කතන්දර දෙකක්. තවත් එවැනි ආරාධනා ලැබිලා තියෙනවා. ඉතිං ඒ දේවල් සඳහා දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

නිවේදනය සහ රංගනය තුළ නියැළෙන්න අපහසුතාවක් නැද්ද?

ඇත්තටම නැහැ. මම කාලය කාලමනාකරණය කරන හින්දා වෙන්න ඇති ක්ෂේත්‍ර කිහිපයක්ම නියෝජනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නිවේදනය, රංගනය, සිනමාව, ටෙලි නාට්‍ය සහ නිරූපණ ක්ෂේත්‍රයටත් මම දායක වෙනවා. ඒත් එක්කම අධ්‍යාපන කටයුතුත් කරගෙන යන නිසා මේ හැමදෙයක්ම සමබරව කරගෙන යනවා.

 අධ්‍යාපන කටුයුතු පිළිබඳව කිව්වොත්?

මම ජනමාධ්‍ය කළමනාකරණ අංශයෙන් උපාධියක් හැදෑරුවා. ඊට අමතරව දැනට මම උසස් ඩිප්ලෝමාවක් කරනවා, Training and Coaching කියලා.

වෘත්තිය වශයෙන් ඔබ රැකියාවක් තෝරගෙනද තියෙන්නේ?

මම කැමතියි අධ්‍යාපනය පැත්තෙන් වෘත්තිය හදාරන්න. රංගනය කියන්නෙ මගේ ජීවිතයේ එක්තරා කොටසක්. ඒ හින්දා රංගනයත් කරමින් තවත් වෘත්තියක ස්ථිර ලෙස නියැළෙන්න බලාපොරොත්තු වෙනවා.

විනූ කියන කෙනාට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

එතනදී අවංකවම, නිහතමානීව මම ආඩම්බර වෙනවා. මොකද බොහෝ දෙනෙක් පෞද්ගලිකව කියලා තියෙනවා මම හරි නිහතමානී කියලා. ඒදේ අහන්න ලැබීමත් මට ලොකු සතුටක්. ඒදේ මම හිතලා කරනවා නෙමෙයි, මගේ චරිතයෙ තියෙනවා ඇති. මම හැමදෙනා එක්කම නිතර කතාබහ කරලා හිනාවෙලා ඉන්න කෙනෙක්. හැමෝම කියන්නේ දැක්කොත් හිනාවෙච්ච ගමන්මයි කියලා. මගේ හිත පිරිසුදුයි. ප්‍රවීණයන් හරි කැමතියි මම නවක පරපුරේ කෙනෙක් විදිහට එයාලත් එක්ක ඉන්න එක ගැන.

 ඉදිරි කටයුතු මොනවාද?

ඉදිරියෙදි තවත් සිනමා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතරින් මට ගැළපෙන චරිත එක්ක 2017 වර්ෂයෙදි සුදුසු නිර්මාණයකින් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්ක රූගත කරපු ටෙලි නාට්‍ය දෙකක් විතර තියෙනවා මේ වර්ෂයෙදි විකාශනය වෙන්න. ඒ වගේම දිගටම නිවේදන කටයුතු කරගෙන යනවා "දෙරණ ටී පාර්ටි විත් විනූ" කියන වැඩසටහන සමග. අධ්‍යාපන කටයුතුත් මේ අවුරුද්දේ නිමවෙනවා. අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්න අදහසක් තියෙනවා. මොකද මගේ දෙමවුපියන්ගේ අදහසක් තියෙනවා තවමත් අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්න කියලා. ඒ හැමදේම සමබරව කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.

 මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මගේ දෙමවුපියන් මතක් කළ යුතුයි. ඒ අයගේ තියෙන අත්වැල සහ දායකත්වයත් එක්ක තමයි මට මෙච්චර දුරක් එන්න ලැබුණෙ. ඒත් එක්කම මගේ පවුලේ සියලු දෙනාම, මට ආදරේ කරන හැමෝම, මගේ පාසල නුගේගොඩ අනුලා විද්‍යාලයත් මතක් කර සිටිනවා. මොකද මට කලාව පැත්තෙන් හැකියාව තියෙනවා කියලා හඳුනාගත්තේ පාසලෙන්. පාසලේ ගුරුවරුන්, මගේ යහළුවන්, නෑදෑයන්, ක්ෂේත්‍රයේ සියලුම දෙනාමත් මතක් කරනවා. ඒ වගේම මගේ රසිකයන්ටත් විශේෂයෙන් ස්තුති කරනවා.

- තරුණයා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.