Jul
27

අන්තර්ජාල සමාගමක් හා අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් ලෙස ලොව ප්‍රචලිත යාහූ (Yahoo.com) සමාගම වෙනත් සමාගමක් විසින් මිලදී ගැනීමට සූදානම් බවට විදෙස් මාධ්‍යය අනාවරනය කර ඇත.
ඇමරිකානු සන්නිවේදන ක්ශ්‍රේත්‍රයේ ප්‍රමුක සමාගමක් වන වෙරිසෝන් (Verizon) සමාගම විසින් යාහූ සමාගම ඩොලර් බිලියන 4.83කට මිලට ගැනීමට සැරසෙන බව එම මාධ්‍යය වැඩිදුරටත් පවසයි.
යාහූ සමාගම සදහා කරනා මෙම ආයෝජනය මගින් වෙරිසෝන් සමාගමට යාහූ සේවාව සක්‍රීයව භාවිතාකරනා බිලියන ගනනක පරිශීලකයන්ද ලැබෙනා බැවින් මෙය ඉතා වටිනා ආයෝජනයක් බවට වෙරිසෝන් සමාගම් ප්‍රධානීන් පවසයි. ඹවුන්ට මෙම සමාගම මෙලෙස විකිනීමට හේතුවී ඇත්තේ මෙම වසරේ ජනවාරි මස කල අනවශ්‍යය ආයෝජන හේතුවෙන් වූ බිලියන 4.4ක පාඩුව හේතුවෙන් බවට එම සමාගම් ප්‍රධානීන් පෙන්වා දේ.
යාහූ සමාගම් ප්‍රධානීන් පවසන්නේ මෙම විකිණිමට අලිබබා අන්තර්ජාල සේවාව අඩංගු නොවන බවයි. මෙම ගනුදෙනුව 2017 මුල් මාස කිහිපය ඇතුලත නිමකිරීමට බලාපොරත්තු වන බව යාහූ වර්තමාන ප්‍රධානී මරීසා මේයර් මහත්මිය ප්‍රකාශ කර ඇත.