Jul
27

ඊ ලයිෆ් (eLife) සගරාව මගින් ලෝකයේ මිනිසුන්ගේ උස පිළිබද සමීක්ෂණයක් කර තිබ්‍ෙ.මෙම සමීක්ෂණයෙන් හෙලිවී තිබෙන්නේ ලෝකයේ විවිධ රටවල වෙසෙන මිනිස් කොට්ථාශ වලින් ඕලන්ද ජාතික පිරිමින් හා ලත්වියානු ජාතක ගැහැනුන් අනෙක් රටවල එම කොට්ටාශ වලට සාපේක්ෂව උසින් වැඩි බවයි.
මෙම සමීක්ෂනයට අනුව ඕලන්ද ජාතිකයෙකුගේ සාමාන්‍යය උස වන්නේ අඩි 6ක් (183cm) වන අතර ලත්වියානු ජාතික කාන්තාවන් සාමාන්‍යය උස අඩි 5.7ක් (170cm) පමණ වන බව සොයාගෙන තිබ්‍ෙ. මෙම සමීක්ෂණයට සමීක්ෂකයන් විසින් 1914 සිට වාර්ථා භාවිතා කර ඇති අතර ලොව පුරා රටවල් 187ක තොරතුරු භාවිතා කර ඇත.
එම අධ්‍යයනයට අනුව ඉරාන ජාතික පිරිමින් සහ දකුණු කොරියානු ජාතික කාන්තාවන් කාලය සමග සැසඳීමේ දී වඩාත් වේගවත් වැඩීමක් පෙන්වන අතර ඒවා පිළිවෙලින් සෙන්ටිමීටර 16 ක් (අඟල්6) සහ සෙන්ටිමීටර 20 ක් (අඟල්8) ක් බවට හ්ලිවී ඇත.
එක්සත් රාජධානියේ ගැහැණු පිරිමි දෙපාර්ශවයේ වැඩීම සමාන්තරව ඉහල ගොස් ඇති අතර එය සෙන්ටි මීටර 11 (අඟල්4) ක් වේ. ඒ අනුව බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය පුරුෂයෙකුගේ උස සෙන්ටිමීටර 178 (අඩි 5යි අඟල් 10) ක් වන අතර සාමාන්‍ය කාන්තාවක ගේ උස සෙන්ටිමීටර 164 (අඩි 5යි අඟල් 5) කි.
ඇමරිකාවේ පිරිමින් සහ කාන්තාවන්ගේ උස සැලකීමේ දී 1960 සහ 1970 අතර දශකය තුළ අවපාතයක් පෙන්නුම් කළ ද මේ සියවස සලකා බැලීමේ දී පිළිවෙලින් අඟල් 6 ක සහ අඟල් 5 ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
1914 දී ලෝකයේ තුන්වැනි තැනට උසම පුරුෂයන් සහ හතරවෙනි තැනට උසම කාන්තාවන් සිටියේ ඇමරිකාවේය. නමුත් අද වන විට ඔවුන් සිටින්නේ පිළිවෙලින් 37 වෙනි තැන සහ 42 වෙනි ස්ථානයේය.
ලෝකයේ මිනිසුන්ගේ උස පිලිබඳ සැලකීමේ දී දැන් යුරෝපා ජාතිකයන් මුල් පෙලට පැමිණ සිටින නමුත් බටහිර ජාතීන්ගේ සාමන්‍ය වැඩීම සමාන්තර බවක් පෙන්නුම් කරයි.
ලෝකයේ උසින් අඩුම මිනිසුන් වාර්තා වන්නේ නැගෙනහිර ටිමෝර් රාජ්‍යයේය. එය සෙන්ටිමීටර160 (අඩි 5 අඟල් 3) කි.
ලෝකයේ කුඩාම කාන්තාවන් සිටින්නේ ගෝතමාලාවේ වන අතර 1914 සිට මේ දක්වා විශාල වර්ධනයක් සිදුවී නැත. සියවසකට පෙර ගෝතමාලාවේ වයස 18 ක් වන සාමාන්‍ය තරුණියකගේ උස සෙන්ටිමීටර 140 (අඩි 4 යි අඟල් 7) ක් වූ අතර අදවන විට අවම වශයෙන් සෙන්ටිමීටර 150 ( අඩි 4 අඟල් 11) දක්වා හෝ පැමිණ නැත.
මනුෂ්‍ය ශරීරයේ උස පිලිබඳ සැලකීමේ දී වඩාත් වර්ධනයක් පෙන්නුම් කරන්නෙ නැගෙනහොර ආසියාවේය. ජපානය, චීනය සහ දකුණු කොරියාවේ මිනිසුන්ගේ උස වසර සියයකට පෙර තිබුණු ප්‍රමාණයට වඩා බෙහෙවින් වර්ධනය වී තිබේ.
පසුගිය වසර සියයට මිනිස් සිරුරේ උස ප්‍රමාණයේ සැලකියයුතු වර්ධනයක් පෙන්නුම් කර නැත්තේ ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය වැනි දකුණු ආසියාවේ රටවල් සහ අප්‍රිකානු රටවල් වලය.
අදාළ වාර්තාවේ සැම කතෘ ලන්ඩනයේ 'ඉම්පීරියල් කොලේජ්' සරසවියේ ජේම්ස් බෙන්තම් පවසන්නේ එවැනි රටවල වර්ධනය සෙන්ටිමීටර 1 සිට 6 අතර පවතින බවයි.
ඒ අතර උගන්ඩාව සහ සියෙරා ලියොන් වැනි ඇතැම් අප්‍රිකානු රටවල පුරුෂයකු ගේ 1970 සිට උස ප්‍රමාණය අඩුවීමක් පෙන්නුම කර තිබේ.
ලෝකය පුරා මිනිස් සිරුරේ උස ප්‍රමාණය වෙනස් වීමට ජාන වල බල පෑම හේතුවක් ලෙස පෙන්වීමේ හැකියාව ඇති නමුත් DNA වල බලපෑම ප්‍රධාන සාධකයක් ලෙස සැලකිය නොහැකි බවයි හෙළිවී ඇත්තේ.
මෙම අධ්‍යයනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ විද්‍යාඥයින් 800 ක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.