Jul
27
මහින්ද ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂ පාද යාත්රාවට අධිතරණ තහනම් නියෝගයක්
මහින්ද රාජපක්ෂ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂ පාද යාත්රාවට තහනම් නියෝගයක් නිකුත්කර ඇත. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මාවනැල්ල මහේස්ත්රාත් එල්.ඒ.මහින්ද මහතා විසින් මාවනැල්ල නගරයට ඇතුලුවීම නවත්වමින්ය.
මෙම තහනම් නියෝගය කර ඇත්තේ මාවනැල්ල පොලීසියේ ස්ථානාධිපති අධිකරනයෙන් කල ඉල්ලීමකට අනුවය.මහජන සාමය ආරක්ෂා කිරීම පිනිස මහේස්ත්රාත් වරයා මෙම නියෝගය ලබාදී ඇත.
හෙට දින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා මාවනැල්ල නගරයේ සංවිධානය කර ඇත. එමෙන්ම අනිද්දා (29) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් උත්සව කිහිපයක් සංවිධානය කර තිබීමත් මෙම තීරණය ගැනීමට හේතුව ඇති බව පැවසේ.