Jul
08
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩල කැදවුම්කරු බන්ධනාගාරගත කරයි

අධීකරණ නියෝග නොතකා සංවිධානය කර තිබූ විරෝධතාවයක් හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩල කරදවුම්කරු ලහිරු වීරසේකර ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබ්‍ෙ.
පසුගිය මස ජූනි 15 විරෝධතාවයේ නියුතව සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩල කැදවුම්කරුට හා තවත් සිසුවෙකුට අද (8) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත්කර තිබින.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පැවැත්වූ පාගමනකදී අධිකරණ නියෝග කඩකරමින් හැසිරුණු බවට අධිකරණය විසින් ළහිරු වීරසේකර මහතාට චෝදනා එල්ල කර තිබේ.මෙහි අනෙක් සැකකරු වන ලංකා ජයරත්න සිසුවා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදාහරින ලදී.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය විරෝධය පළ කරමින් නිවේදනයක්ද නිකුත් කර තිබේ.
mulla · 462 weeks ago
භව්මික ගොලු බෙල්ලා 132p · 462 weeks ago