Jul
20
යාපනයේ බන්ධනාගාරයේ උපවාසයක්
යාපනයේ බන්ධනාගාර කර තිබ්නා සිරකරුවන් 36ක් ඊයේ (19) උපවාසයක් ආරම්භ කර තිබ්‍ෙ. මෙම උපවාසයේ නිරතව සිටිනා කණ්ඩායමෙන් වැඩි පිරිසක් කේරල ගංජා ප්රවාහණය හේතුවෙන් බන්ධනාගාර ගතවූ පිරිස්ව්ෙ.
මොවුන් මෙම උපවාසය කිරීමට හේතු වී ඇත්තේ අධිකරනයෙන් මොවුන්ට ඇප ලබා දීම ප්‍රතික්ශේප වීම නිසා මොවුන් නිදහස් කරනා ලෙස බළධාරීන්ට බල කිරීමටයි.
බන්ධනාගාර මාධ්‍යය ප්‍රකාශක ටී.එන් උපුල්නිය මහතා ප්‍රකාශ කරන්නේ මෙම සිරකරුවන් කණ්ඩායම බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර ප්‍රතික්ශේප කරමින් මෙම උපවාසය කරගෙන යන බවයි. මෙම උපවාසයේ යෙදී සිටි පිරිස 36 කි නමුත් මෙයින් 16 දෙනෙකු දැන් වන විට උපවාසය අතහැර ඇති අතර තවත් 16ක් තවමත් උපවාසයේ නිරතවී සිටියි.