Jul
10
සමාජ ජාලා වෙබ් අඩවි වලට වැට බැඳෙයි!!

බංගලාදේශයේ ජිහාඩ් කල්ලි සීඝ්‍රයෙන් හිස එසවීමේ ප්‍රවණතාවක් ඇතිවී ඇති බවත්,පසුගිය දිනවල එල්ල වූ ප්‍රහාරයට සමාජ ජාලා වෙබ් අඩවි විශාල බලපෑමක් එල්ල කොට ඇති බවත්,ත්‍රස්තයන් දිගින් දිගටම සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ අලුතින් සාමාජිකයන් එක් කරගෙන ඇති බව වාර්තා වනවා
එරට බළධාරීන් පවසන්නේ මෙම ප්‍රහාරය ඔවුන්ගේ ඇස් ඇරවීමට සමත් වූ බවයි.ජිහාඩ් කල්ලි ෆේස්බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ රැඩිකල් අදහස් පතුරවා තරුණයන් ආකාර්ශණය කරගන්නා බව ඔවුන් පවසනවා.
කෙසේ වෙතත් බංගලාදේශයෙන් නිකුත් වන ඇතැම් වාර්තාවන් අනුව ඉදිරියේදී සියලුම සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කිරීමට එරට බළධාරීන් සළකා බලමින් සිටින බව දැක්වෙනවා.