Jul
07
මහින්දගෙග් ශ‍්‍රිලනිප සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කෙරේ ?

මෙම හමුව සඳහා හිටපු ජනාධිපතිනිය සමඟ මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, රෙජිනෝලිඩ් කුරේ, ආතාවුද සෙනෙවිරත්න ඇතුළු පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් සහභාගී වී තිබේ.
එහිදී තීරණය කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ප‍්‍රසන්න රණතුංග යන පිරිසට එරෙහිව විනය පරීක්‍සණ කැඳවා ශ‍්‍රිලනිපයෙන් නෙරපා දැමිය යුතු බවයි.
එළැඹෙන 28 වන දිනට කලින් මෙම ක‍්‍රියාමාර්ගය ගත යුතුව ඇති බව දැඩිව කියා ඇත්තේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා ඇමති දුමින්ද දිසානායකයි.
එහිදී ඇමති මහින්ද අමරවීර ඊට යම් විරෝධයක් දක්වා ඇති අතර එසේ නම් හිටපු ජනපතිගේ ශ‍්‍රිලනිප අනුශාෂක ධුරය හෝ අහෝසි කර 28 වන දිනට කලින් සියල්ලන්ගේම නොහැකි නම් කිහිප දෙනෙකුගේ හෝ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කල යුතු බවට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දැඩිය අවධාරණය කර ඇත.
කෙසේ වෙතත් අවසන් එකඟතාවයකින් තොරව අවසන් වී ඇති මෙම හමුවේදී තීරණය වී ඇත්තේ අවසන් තිරණය ගැනීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බාර දීමටයි.