Jul
07
කාන්තාවක රවටා සල්ලි ගරපු තාත්තයි - පුතයි අත්අඩංගුවට
මෙකී පිය පුතු දෙදෙනා පන්නිපිටිය, ඇරව්වල මාවතේ ඉසුරු උයනේ තාවකාලිකව පදිංචිව සිටින බවද පොලිසිය කියයි. මොවුන්ගේ ස්ථීර පදිංචි ස්ථානය සොයා ගැනීමට නොහැකි වී තිබේ. 2014 වසරේ මාර්තු හා අප්‍රේල් අතර කාලය තුළදී මෙම ලක්‍ෂ 13ක මුදල පැමිණිලිකාරියගෙන් වරින් වර ලබාගෙන ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
මේ ජාවාරමේ ප්‍රධාන සැකකරු වන පියා බිරිය මියගිය බව පවසමින් සිංහල පුවත්පතක විවාහ වීමට සුදුසු මනාලියක් සොයා දැන්වීමක් පළ කොට ඇත. එම දැන්වීමෙන් පසු සැකකරු විසින් පැමිණිලිකාර කාන්තාව හඳුනාගෙන ඇත. දරුවන් නොමැති අයකු ලෙසද මොහු මෙම කාන්තාවට තමන් හඳුන්වා දී තිබේ. එම හඳුනා ගැනීමෙන් පසු තමන් නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියා යන රටවල විදේශ රැකියා ලබාදීමට ක්‍රියා කරන අයකු ලෙස හඳුන්වා දී තිබේ.
පසුව මොහු මෙම කාන්තාව මුළා කොට වංචනික ලෙස මෙම මුදල ලබාගෙන ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. මේ පිළිබඳ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි කාන්තාව පොලිසියට පැමිණිලි කොට තිබිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සුජීව සිල්වා මහතා ප්‍රධාන සැකකරු විසින් භාවිත කරනු ලැබූ දුරකතන අංකයන් ඔස්සේ තොරතුරු ලබාගෙන පන්නිපිටිය නිවෙසට ගොස් ප්‍රධාන සැකකරු හා ඔහුගේ පුතු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිය පුතු දෙපළ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් නිළුපුලී ලංකාපුර මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පළමු සැකකරු වන පියා රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇප දෙකක් මත (ගාල්ල පදිංචිකරුවන් දෙදෙනකු විසින්) හා දෙවැනි සැකකරු වන පුතු මෙරට ඕනෑම පුරවැසියකුගේ රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළාය. ප්‍රධාන සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය ඒ පිළිබඳ ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙසද නියෝග කළාය.